පොලොගුන් දෂ්ටනය

  • 0
  • 1 year ago
  • Views : 983
  • ID : #9817

Description

? පොළොන් දෂ්ටය සඳහා දේශීය ප්‍රතිකාරය.... පොළොන් දෂ්ටය සඳහා විවිධ පාරම්පරික දේශීය වෛද්‍යවරුන් විවිධ ප්‍රතිකාර විධි යොදා ගන්නවා. ________________________________________ ‌ සර්ප දෂ්ටයකට හසු වූ රෝගියා පිළිබඳ ව මූලික අදහසක් ගැනීමට නිමිති ශාස්ත්‍රය, කර්ණමුන්ඩය වැනි ක්‍රම භාවිතා වනවා. විශේෂයෙන් ම තත්කාලීන කේන්ද්‍ර සටහන අනුව සැලකිය යුතු අදහසක් රෝගියා පිළිබඳ ව ලබා ගත හැකි යි. පළපුරුදු වෙෙද්‍යවරයකු ට ඒ සඳහා වැය වන්න‌ේ තත්පර ගණනක් පමණයි. එහිදී ර‌ෝගියා ග‌ේ හානි වී ඇති ඉන්ද්‍රිය ක‌ොටස් පිළිබඳ ව පවා යම් අදහසකට වෛද්‍යවරයා පැමිණෙනවා. සර්ප දෂ්ටනය සිදු වූ වේලාව අනුව විෂ පැතිරීමේ වේගය පිළිබඳ ව ද යම් අදහසක් ලබා ගත හැකි යි. ඒ සඳහා ජ්‍යොතිෂය තුළින් මනා ආලෝකයක් ලැබේ. උදාහරණයක් ලෙස කැති, සුවන, මුල, විසා, බෙරණ වැනි නැකත් උදා වී පවතින අවස්ථාවක විෂ වේගය අධික යැයි දක්වා තිබෙනවා. මීට අමතර ව සර්පයා අනුව ර‌ෝගියා ග‌ේ ස්වභාවය වෙනස් වන ආකාරය පිළිබඳ ව විෂ වෛද්‍යයවරයා දන්නවා. උදාහරණයක් ලෙස ප‌ොළඟා දෂ්ට කළ ර‌ෝගියා ගේ පිත් කිපීම පහසුවෙන් හඳුනා ගත හැකි යි. එහි ස්වභාවය රෝගියා ගෙන් රෝගියාට යම් පමණකට වෙනස් වුව ද ඒ ඒ ශරීර ස්වභාවයන් තුළ විෂ ක්‍රියාකිරීම පිළිබඳ ව අදහසක් දේශීය වෛද්‍යවරයා සතු වනවා. පැරණි විෂ වෙෙද්‍යවරුන් රෝගියා සන්සුන් කිරීමෙන් අනතුරු ව දෂ්ට මුඛයට ඉහළින් මෘදු තිරිංගයක් යෙදුවා. කොටදිඹුලා ගසේ බටහිර දෙසින් ඉහළ සිට පහළට ගලවා ගත් පට්ටයක් මේ සඳහා යොදා ගැනීමට ඔවුන් ප්‍රිය කළා. දෂ්ට මුඛය සම්බන්ධව නොයෙකුත් පිළියම් තිබුනා. උදාහරණයක් ලෙස නෙරිවිස කැබැල්ලක් වීදුරු බෝතලයකට දමා බෝතලය තුළ රික්තයක් නිර්මාණය කරවා විෂ ඉරීමේ ක්‍රමය දැක්විය හැකි යි. බොහෝ ගැමි දේශීය විෂ වෛද්‍යවරුන් විෂ වේගය අඩු කිරීම සඳහා ඖෂධ යොදන අතර මන්ත්‍ර ද භාවිතා කළා. ’ දාරි කුමාරි ’ මන්ත්‍රය මීට උදාහරණයක්. නූතනය‌ේ ඇතැම් දෙනා මේවා ප්‍රය‌ෝග යටතට ලා සලකනවා. නමුත් විෂ වෛද්‍යවරුන් එය එසේ සැලකීමට අකමැති යි. කෙසේ නමුත් නාග දෂ්ටන වලදී බහුලව භාවිතා වූ සිත්ගන්නා ප්‍රය‌ෝග අවස්ථාවක් මා දැක තිබෙනවා. මේ සිද්ධිය පොළොන් දෂ්ටනයට අදාල නැතත් මෙහි ඇතුලත් කළ යුතු යැයි සිතුනා. මීට අතිරේක ව විෂ තත්වයක් නොමැතිව පවා අධිකතර ව අස්ථාන බියට පත් රෝගියා ගේ පාදය දක්වා තුඹසේ සිට කෙසෙල් බඩ පත් එළා නාගයා ඊට යටින් කැඳවා නාගයා ලවාම විෂ උරවන බව පෙන්වන සම්‍යප්‍රයෝගයක් ද තිබෙනවා. මෙය කෙතරම් සූක්ෂම ව සිදු කරන්නේදැයි කිවහොත් නාගයා කෙසෙල් බඩ පත් යටින් එන්නේ යැයි දක්වන අවස්ථාවේදී කෙසෙල් බඩ පත් රිද්මයානුකූලව සෙලවීමක් ද වනවා. ( මෙම සිද්ධිය තොවිලයකදී කිරි ගසක අත්තක් බිඳ වැටෙන සිද්ධියට සමාන සිද්ධියකි. ) මා අවසන් වරට මෙම ප්‍රය‌ෝගය දුටුවේ මීට අවුරුදු දහයකට පමණ පෙරදී යි. ඥාතීන් තුළ සිද්ධිය තහවුරු කිරීමට ඇතැම් වෙද මහතුන් විෂ ඉරීම අවසන් යැයි ‌තීරණය කළ පසු ර‌ෝගියා ට නොපෙන්වුව ද ඥාතීන් ට නාගයා පෙන්වනවා. මේ කාර්යය සඳහා ඇතැම් දේශීය විෂ වෛද්‍යවරුන් සතු ව නාගයන් වූවා. අතිරේකව සිහිපත් කළ යුතු තවත් කරුණක් තිබෙනවා. එය නම් ඇතැම් ඥාතීන් විෂ වෙෙද්‍යවරයා වෙත යාමට පෙර ම රෝගියාට ප්‍රථමාධාරයක් ලෙස දෂ්ට මුඛයට බෙහෙත් බැඳීම යි. උදාහරණයක් ලෙස ඒකාවේරිය මුල් හ‌ෝ සස්සඳ මුල් දෙහි ඇඹුලින් අඹරා එහි තැබීම දැක්විය හැකි යි. ප‌ොළොන් දෂ්ටයක් වැනි අවස්ථාවක දී ඉතා ම ඉක්මනින් ක්‍රියාත්මක වීම වැදගත් ලෙස සලකා තිබෙනවා. එහිදී වෙෙද්‍යවරුන් මෘදු තිරිංගයට පසු හෘද් ආවරණයක් යෙදීම සිදු කිරීම සිරිතයි. හෘදයාවරණය ලෙස ( හදවත ආරක්ෂා කර ගැනීම සඳහා ) යෙදූ බෙහෙත් වලට පහත සඳහන් ප‌ේයාව උදාහරණයකි. ඉඟුරු, සුදු ළූණු, තිප්පිලි, ගම්මිරිස්, වදකහ, අසමෝදගම්, සූදුරු, මාදුරු, අබ යන මේවා කලඳ බැගින් ගෙන දෙහි ඇඹුලින් අඹරා අරළු ගෙඩියක ප්‍රමාණය ගුලි කර තනා වරකට ගුලියක් දෙහි ඇඹුල් පත භාගයකට දිය කර දීම ඉඟුරු මිරිස් ප‌ේයාවයි. පොළොන් දෂ්ටනයකදී පැය දෙකෙන් දෙකට පමණ මෙය දෙන අවස්ථා ද තිබෙනවා. පොළොන් දෂ්ටනයකදී විෂ පැතිරීම වේගවත් නිසා පිත් ක‌ෝපය පාලනය කිරීමට බෙහෙත් යෙදීම දැකිය හැකි යි. උදාහරණ වශයෙන් කොටදිඹුලා ගසේ පංචාංගය කොටා මිරිකා ලුණු නොදමා හීනටි හාලින් ( කළු හීනටි සුදුසු නැත. ) කැඳ පිස දීම දැක්විය හැකි යි. අළු කෙසෙල් අල කොටා මිරිකා දෙහි ඇඹුලින් දීම ද දැකිය හැකි යි. ප‌ොළොන් දෂ්ටනයකදී ර‌ෝගියා තුලින් අතීසාර ලක්ෂණ පහළ විය හැකි යි. එවැනි අවස්ථාවකදී බ‌ෝ ප‌ොතු හ‌ෝ රුක්අත්තන ක‌ොළ ප‌ොතු හ‌ෝ ක‌ොටා මිරිකා ලිප තබා කකාරවා ගෙන ගිතෙල් දමා දීම දැකිය හැකි ය. පොළොන් දෂ්ටනයේ දී දෂ්ට කළ ස්ථානය ට ජයපාල දළු දෙහි ඇඹුලින් අඹරා තැබීම ද නයිහබරල පිත්තක් ගෙන හුණු සමඟ අඹරා තැබීම ද දැකිය හැකි යි. දෂ්ට කළ ස්ථානයට බඳින මැල්ලුම් වර්ග කිහිපයක් දැකිය හැකි වනවා. ගස් රුක් අත්තන සහ වැල් රුක් අත්තන කොළ පොතු ගෙන අමුකහ සහ ලුණු දමා කොටා මලවා බැඳීම, තොලබෝ සහමුලින් අමුකහ සහ ලුණු දමා කොටා මලවා බැඳීම, නියඟලා අල සහ කොළ අමු කහ ලුණු දමා කොටා මලවා බැඳීම ආදිය එවාට උදාහරණ වනවා. ඇතැම් විෂ වෛද්‍යවරුන් සතු ව කලින් සකස් කර ගත් බෙහෙත් තිබෙනවා. මේවා සමඟ යොදන අනුපාන ආදිය සර්පයා අනුව වෙනස් වනවා. උදාහරණයක් ලෙස ශුද්ධ ගුගුල් ( විෂ මාරණය කර සකසා ගත යුතුයි ) , අමුක්කරා අල, වියළි වදකහ, සුවඳ කොට්ටන්, සියල් දුඹුල් ඇල් දියෙන් අඹරා තිබ්බටු තරමට ගුලි කර තබා ගත් බෙහෙත ප‌ොළ‌ොන් විෂට ලබා දෙන්නේ ඇඹුල් දොඩම් ඉස්මෙනි. දෂ්ට මුඛයේ දැවිලි ස්වභාවය දුරු වීමට ද එම ගුලිය ම ඇඹුල් දොඩම් යුෂයෙන් ම අඹරා ගෑම ද සිදු කරයි. මෙවැනි ඇතැම් ඖෂධ සමස්තය ම දේශීය අමුද්‍රව්‍යය යොදා සකසා ගන්නා අවස්ථා ද තිබුනා. ( පෙර බෙහෙතෙහි ගුගුල් ආනයනික යි. ) උදාහරණයක් ලෙස නා පොතු බෝ පොතු සහ දිවිකදුරු පොතු පුර පක්ෂයේ බුද දිනක බුද හෝරාවෙන් බටහිර පැත්තෙන් ඉහළ සිට පහළට රැගෙන වියළා කුරුට්ට ඉවත් කර දොඩම් සහ දෙහි ඇඹුලින් පිළිවෙලින් අඹරා මුං ඇට තරමට ගුලි කර තබා ගැනීම සැලකිය හැකි යි. ප‌ොළෙ‌ොන් විෂ නිසා සිහි නැති වූ විට සිහි ගැනීම සඳහා අමු ඉඟුරු යුෂ තන කිරෙන් නස්න කිරීම වැනි නස්න ක්‍රම රාශියක් පවතිනවා. එවැනි තත්වයකට පත් වන ර‌ෝගියා ට අධිකතර උදර වේදනාවක් හට ගන්නවා. මේ සඳහා අට්ටික්කා මුල කපා වෑස්සෙන පෙණ පතක් පෙවීම සිදු කෙරෙනවා. එයින් රෝගියා ගේ පිපාසය ද දැවිලි ස්වභාවය ද දුරු වනවා. ඇතැම් අවස්ථාවලදී පොළොන් දෂ්ටනයට ලක් වූ රෝගියා ග‌ේ සම්පූර්ණ සිරුරට ම බෙහෙත් ගල්වන අවස්ථා තිබෙනවා. රුක් අත්තන සහ වැල් රුක් අත්තන කොළ පොතු, හීං එඬරු මුල් සහ ඇට, කැලණිය පොතු සහ අල, වල් කිඩාරං අල, ජයපාල ඇට, ඉඟුරු, ගම්මිරිස්, සුදු ලූණු, අබ යන මේවා ගෙන ඇඹුල් දොඩම් ඉස්මෙන් අඹරා හිසේ සිට යටි පත්ලට එනතුරු ගෑම මීට උදාහරණයක්. පොළොන් දෂ්ටයට ලක් වූ රෝගියා තැවීම ද ඇතැම් විෂ වෛද්‍යවරුන් සිදු කරනවා. මේ සඳහා එරබදු පොතු, රුක් අත්තන පොතු, ‌බෝ පොතු සහ කරඳ පොතු කොටා වණ්ඩුවේ තම්බා යොදා ගන්නවා. දෙහි ‌, දොඩම්, නාරං, පහුරු , කොහොඹ, දොඩම්පනා, වැල් රුක්අත්තන, ගස් රුක්අත්තන, යකිනාරං යන මේවා ගේ කොළ සහ පොතු ද වහතැල්ල කොළ ද ගෙන තම්බා අවස්ථාව අනුව රෝගියාට දුම් ඇල්ලීම ද සිදු කරනවා. පැරණි ගම්මානවල පොළොන් දෂ්ටයක් පිළිබඳ ව ආරංචිය පැතිර යත් ම මෙම වේදුවට අවශ්‍යය බෙහෙත් ගැමියන් වෙද ගෙදර වෙත ගෙනැවිත් දෙන්නට කටයුතු කළා. එය එතරම්ම ප්‍රචලිත වේදුවක් ව පැවතියා. නස්න කිරීම තුළින් සිහිය ගැනීම නුසුදුසු රෝගීන් ද සිටිනවා. එවැනි අවස්ථාවලදී රෝගියා ගේ හිස් මුදුනෙහි කෙස් කපා ඉවත් කර දිවි පහුරු කොළ , හීං දෙමට මුල්, රුක් අත්තන පොතු කොටා යුෂ ගෙන නියඳපළු දරණුව තනා හිස් මත්තේ තබා ඒ මත පෙර කී බෙහෙත් යොදා පොල්කටු අඟුරු කබලින් රත් කර සිහිය ගන්නා ක්‍රමයක් ද තිබෙනවා. පොළොන් දෂ්ටනයකින් පසු ව ඇතැම් රෝගීන් ට ඉසිලිය නොහැකි තරම් සන්ධි වේදනාවක් එනවා. එවැනි අවස්ථාවකදී නවනැබිලිය කොළ කොටා සිරුර පුරා ආලේප කිරීම දැක ගත හැකි යි. එම කොළ කොටා කෙසෙල් පත් මත එළා ර‌ෝගියා ඒ මත සයනය කරවීම ද දැකිය හැකි යි. පොළොන් විෂ පැතිරී යත් ම ර‌ෝගියා ග‌ේ තත්වය අසාධ්‍යය බවට ඉක්මනින් ම පැමිණෙනවා. ල‌ේ වමනය පමණක් නොව රෝම කූප වලින් පවා රුධිරය පිට වන තැනට කරුණු යෙදෙනවා. උණ , හිසරදය , රෝගියා කෝප ගෙන නොඉවසිලිමත් වීම, මුත්‍රා අවහිර වීම, වකුගඩු සංකූළතා සහ පෙනීම අඩු වීම වැනි තත්වයන් ට රෝගියා පත් වනවා. මෙය බලා සිටින අය බියට පත් කරවන සුළු යි. ඇතැම් අයට නොනවතින හික්කාවක් මතු වනවා. මේ සියලු අවස්ථා සඳහා විධිමත් ප්‍රතිකාර තිබෙනවා. උදාහරණයක් ලෙස හික්කාව ට ඉඳිබඩ යුෂ වසරක් වත් පැරණි මී පැණි සමඟ හොඳ ගිතෙල් යොදා පෙවීමෙන් දුරු වනවා. මේ ආදී තත්වයන් නිසා ඇතැම් අසාධ්‍යය රෝගීන් බෙහෙත් ඔරුවට පවා දැමීමට සිදු වනවා. සම ආසන්නය‌ේ පවත්නා විෂ ඉවත් කිරීමට ඇතැම් වෛද්‍යවරුන් සිත් ගන්නා ක්‍රමයක් යොදා ගත්තා. සපු පොතු ‌සිහින්ව කොටා ‌යුෂ නැලියක් පමණ ගෙන පෙඟවූ කපු රෙද්දක් රෝගියාට පොරවා දහදිය දමන තුරු අව්වේ තැබීම එහිදී සිදු කෙරෙනවා. පොළොන් දෂ්ටනයකින් පසු ව විෂ ඉවත් කිරීමට මාස ගණනක් යනතුරු ප්‍රතිකාර කිරීමට ද සිදු වන අවස්ථා පවතිනවා. ප‌ොළොන් දෂ්ටනයකට ලක් වන අයට රතු නාඩු සහල් සමඟ දිනපතා මාස තුනක් යනතුරු වැටකොළු කිරට උයා ආහාරයට ගැනීම වැනි භාවිතයන් පිළිබඳ ව ද දැනුවත් කරනවා. පොළොන් දෂ්ටනයේ දී ඇති වන රක්තපාත තත්වයත් සමඟ උදරය තුළට විසරණය වූ රුධිරය ඉවත් කිරීමට ර‌ෝගියා එක්තරා මට්ටමක ට ප්‍රකෘතිමත් කරවා බිංනුග ‌පොතු ක‌ොටා ඉස්ම ගෙන කකාරවා තල තෙල් දමා පෙවීම සිදු කරනවා. එය වමන කර්මය සඳහා යි. එම රුධිරය විරේචනය මඟින් ඉවත් කිරීම ට අවශ්‍යය වන අවස්ථාව සඳහා ගොකටු පොතු වහතැල්ල සමඟ එළගවමූත්‍රයෙන් අඹරා එඬරු තෙලින් පෙවීම කරනවා. මෙවැනි විරේකයකට පසු දෙමට මුල්, වරා මුල්, පොල් පලා මුල්, සාරණ මුල්, ඉරමුසු මුල්, සැවැන්දරා මුල්, සුදු හඳුන්, අරළු, බුළු, නෙල්ලි, වැල්මී, සුවඳ කොට්ටන්, වියළි ඉඟුරු, ගම්මිරිස්, වැල් තිබ්බටු මුල්, ලුණුවරණ මුල් කලඳ බැගින් පමණ ගෙන තැඹිලි වතුරින් පත අට පතට සිඳුවා ගිතෙල් තේ හැන්දක් යොදා දින කිහිපයක් පානය කිරීමට දෙනවා. මෙය රෝගියා ගෙන් රෝගියාට වෙනස් වනවා. උදාහරණයක් ලෙස වකුගඩු සඳහා තදබල හානියක් වූ අවස්ථාවක මෙය දෙන්නේ නැහැ. දෑස් පෙනීමට තදින් බලපාන බැවින් සහ ශරීරයට ඔසු ඉක්මනින් උරා ගැනීමට අඳුන් යෙදීමට ද පැරණි කාලයේ දී විෂ වෙෙද්‍යවරුන් කටයුතු කළා. කෝමාරිකා මද ඇස වටා ගෑමෙන් ආරම්භ වන මෙය ද ගැඹුරු විෂයක්. පොළොන් දෂ්ටයකට පසුව වකුගඩු සඳහා දීර්ඝකාලයක් ප්‍රතිකාර කිරීමට සිදු වන අවස්ථා තිබෙනවා. මේ සඳහා මා මීට පෙර ලිපියක දීර්ඝ විස්තරයක් ලියා තිබෙනවා. ඇතැම් විට වසර දෙකක් පමණ ප්‍රතිකාර කිරීමට සිදු වනවා. ප්‍රතිකාරයෙන් පසු ව ද රතු මස්, රතු මාළු, කෝපි, චොකලට් ආදිය වසර දහයක් පමණ යනතුරු භාවිතා ‌න‌ොකිරීමට උපදෙස් ලැබෙනවා. ඇතැම් ර‌ෝගීන්ට කතා කිරීමට අපහසු වීම වැනි ගැටලු ද ඇති වනවා. එවැනි අවස්ථාවලදී ලුණුවිල, වදකහ, වියළි ඉඟුරු, තිප්පිලි, වැල්මී සමඟ සහිඳ ලුණු මී පැණියෙන් අඹරා ල‌ේහ කිරීම වැනි ප්‍රතිකර්ම කිහිපයක් පවතිනවා. ප‌ොළොන් විෂ සම්බන්ධව මා දන්නා කණගාටුදායක ම තත්වය වන්නේ එය ශරීරය තුළට බොහෝ විට සාර්ථක ව ඇතුල් වූය‌ේ නම් ඉක්මනින් රුධිරය කැටි ගැසීමට ලක් වීම යි. මේ සඳහා ප්‍රථමාධාරයක් ලෙස කළු වැල්ලංගිරිය මුල හෝ පිහිඹියා ගසක බටහිරට ගිය මුලක් දෙහි ඇඹුලින් පෙවීම සිදු කළ හැකි යි. මෙවැනි ඔසු ගණනාවක් ඒ ඒ ප්‍රද‌ේශ අනුව භාවිතා වනවා. නමුත් ලේ කැටිගැසීම නිසා වන හානිය සඳහා දීර්ඝ කාලයක් බෙහෙත් කළ යුතු යි. නිවැරදිව බෙහෙත් කළ විට සාමාන්‍යය පරිදි ම ජීවිතය ගෙවීමට පසු ව රෝගියාට හැකි වනවා. පොළොන් විෂ සඳහා වන සමස්ත ප්‍රතිකාරය පිළිබඳ ව ලිපියකින් පැහැදිළි කිරීම අපහසු වන්නේ ඒ සඳහා විශාල පරාසයක පැතිරුණු පිළියම් ඇති නිසයි. උදාහරණ ලෙස ඒ ඒ ර‌ෝගියා අනුව නිර්ද‌ේශ කෙරෙන කැඳ වර්ග ම දහයකට අධික වටට‌ෝරු ප්‍රමාණයක් තිබෙනවා. කෙසේ නමුත් සර්ප විෂ සඳහා ද‌ේශÝ

1114