හීන් ම්දි

  • 0
  • 1 year ago
  • Views : 636
  • ID : #4789

Description

?                                    උද්භිද විද්‍යාත්මක නාමය = Premna integrifalia උද්භිද ව්ද්‍යාත්මක කුලය = VERBENACEAE සංස්කෘත නාමය =අග්නිමන්ථ ව්‍යවහාර අංග =මුල් විශේෂය. පොතු හා කොළ ද ගැනේ උප විශේෂ= හීං මිදි මහ මිදි දෝෂ කර්ම= කඵවාත ශාමක යි. කඵඝ්න යිගුණ කර්ම: රස - තික්ත, කෂාය, කටුක, මධුර ගුණ - ලඝු, රුක්ෂ වීර්ය - උෂ්ණ විපාක - කටුක රසායනික ගුණ= ප්‍රධාන ක්‍රියාකාරී සංයෝග වර්ග 03 කි. Premnine, ganiarine හා ganikarine මේවා වේ. මුලෙහි කහ පැහැ වර්ණක ද්‍රව්‍යයක් tannin හා essential oil අඩංගු වේ ස්වරැපය= ගසකි. මීටර් 8ක් දක්වා උස ය. කලාතුරකින් අභිරෝහක හෝ බිම දුවන වැලකි. කඳේ මධ්‍ය කොටසේ විශ්කම්භය සෙ.මී. 10ක් පමණ වේ. ශාඛා හා ශාඛිකා මද වශයෙන් සිහින් ය. දුඹුරු හෝ ඊට හුරු ය. ළපටි අතු ඉතා සිහින් ය. මිය යෑමේදී තද දුඹුරු පැහැයක් ගනී. පත්‍ර තල අඳුරු ය. සාමාන්‍යයෙන් කඩදාසි වැනි හෝ පටලමය ලෙස විවිධාකාර විය හැකි ය. පුෂ්ප රාශියකි. මල් කුඩා ය. අප්‍රසන්න ඇරෝමැටික සුවඳකි. ඵලය අෂ්ටිලයකි. උපගෝලාකාර යි. මි.මී. 4 දිග හා පළල ගැටිතිමය හෝ සිනිඳු ය පර්‍යාය නාම =රෝග වලින් ජය ගන්නා නිසා අග්නිමන්ථ නම්න්ද සුන්දර පත්‍ර ඇති හෙයින් ශ්‍රි පර්ණි නම්න් ද ස්වස්ථභාවය ඇති කරන නිසා ගතිකාරක නම්න් ද හදුන්වයි.. ව්‍යුහගත කර්ම බාහිර වශයෙන් = උෂ්ණ නිසා ශෝථහර වේදනාස්ථාපනයි ශෝථ වේදනා යුක්ත අවස්ථා වල දි පත්‍ර රත් කර බදි..කොළ සහිත ළපටි රිකිලි අඹරා කෂාය සහිතව වාතික ශුල ඇති අවස්ථා වල දි තෙම්මෙන් සුවය ලැබේ.. අභ්‍යන්තර වශයෙන් නාඩ් ව්‍යුහය = නාඩ්ගත වේදනා සමනය කරයි. පොදුවේ වේදනා ස්ථාපනය යි. වාත රෝග අවස්ථා වල දි බෙහෙවින් උපකාරී වේ. සම්පුර්ණ ශාකයම කපා කොටා ගත් ක්වාථය දෝර්බල්‍ය ජනිත අවස්ථාව න් හිදි ප්‍රශස්ත ඔසුවකි.. පාචන ව්‍යුහය = උෂ්ණ නිසා දීපන පාචන අනුලෝමන ගුණ වලින් යුක්තයි.. අග්නිමාන්දය ආමදෝෂ මල ව්බන්ධතා වැනි අවස්ථා වල දි භාවිතා කරයි.. පත්‍ර ක්වාථය අන්ත්‍ර වායු නිවාරකයි රක්ත සංවහන ව්‍යුහය = රක්ත රෝග වල දි,හෘද දෝර්බල්‍ය ශෝථ අවස්ථාවන් හිදි උපයෝගී කර ගනි..ආමවාත නිවාරකයි. ශ්වසන ව්‍යුහය = කඵග්නයි ,කාස ශ්වාස ,ප්‍රතිශ්‍යා අවස්ථා වල දි භාවිතා කරයි. මුත්‍රණ ව්‍යුහය = ප්‍රමේහග්නයි.ව්ශේෂයෙන් පුයමේහ ඉක්ෂුමේහ නසයි.. ඔසු ප්‍රයෝග = වෘහත් පංචමුලය, දසමුලේ උපාදානයක් ,වේදනා සහිත අර්ශස් රෝග වලදි උණු ම්දි කොළ කෂායෙහි අවගාහනය කිරිම.

1114