දුරාලභා

  • 0
  • 1 year ago
  • Views : 933
  • ID : #6475

Description

? උද්භිද ව්ද්‍යාත්මක නාමය =Tragia involucrata උද්භිද ව්ද්‍යාත්මක කුලය =EUPHORBIACEAE (ඒරණ්ඩ කුලය) සමාන පද= දු:ස්පර්ශිත, විෂඝ්නි සංස්කෘත නාමය =දුරාලභා ව්‍යවහාර අංග =සම්පූර්ණ පැළෑටියම උප විශේෂ=ගස් කහඹිලියා වැල් කහඹිලියා තවත් ආකාරයට හැල් කහඹිලියා වැල් කහඹිලියා හීන්වැල් කහඹිලියා ගැට කහඹිලියා දෝෂ කර්ම=කඵ හරය. වාත ශාමකය. ගුණ කර්ම=රස - කටුක, තීක්ත ගුණ - ලඝු වීර්ය - උෂ්ණ විපාක - කටුරසායනික ගුණ=චිකිත්සක භාවිතයන්: මුත්‍රා රෝග, හෘද රෝග ,ශ්වසන රෝග සදහා උණ රෝග සඳහා . හෘදයට හිතකරයි. මුඛ රෝග සඳහා රුධිරය සහ පිත් කෝප රෝග සඳහා වෙනත් භාවිතයන්= හස්තීන්ගේ රෝග සඳහා යොදා ගනි. කෘමි නාශක ගුණ ඇත. ස්වරැපය =කද ආරෝහකයක් ලෙස වැඩෙන බහුවාර්ෂික පැළෑටියකි. කඳ ඝණ, බූවකින් වැසී පවතී. පත්‍ර කෙටි වෘන්ත දරයි. පත්‍ර තලය සෙ.මී. 4-7 ක් පමණ දිගු වේ. පළල සෙ.මී. 1.5 - 2 පමණ වේ. පත්‍ර සරලයි. පත්‍ර අග්‍රය තීව්‍ර වේ. බූව සහිතයි. ඒකාක්ෂ පුෂ්ප මංජරිය සෙ.මී.1.5 -3 ක් පමණ දිගය. පුෂ්පය සුදු පැහැතිය. ඵලය ඉතා කුඩායි. බීජ මි. මී.5 - 7ක විශ්කම්භයකින් යුක්ත ය. ආමයික ප්‍රයෝජන= බල වර්ධක ව්ෂඝ්න ,රැච්කාරක ගුණ යුතුයි. රත් පිත් /කාස / ශ්වාස / අග්නිමාන්දය නිවාරණය කරයි. මුල් මුත්‍රාකාරකයි. ආයුර්වේද ග්‍රන්ථ වල සදහන් යවාස ගුණ වෙනුවට වැල් කහඹිලියා යොදයි..ගුණ සමානය.

1114