දරැවන් බලාපොරොත්තු ව්ම් උදෙසා

  • 0
  • 1 year ago
  • Views : 996
  • ID : #4642

Description

? දරුවන් බලාපොරොත්තු වන අයට ප්‍රතිකාර කිරීම හිතවතියකගේ ඉල්ලීම අනුව ලියන ලිපියකි. හැඳින්වීම ’ පුත්තං වත්ථු මනුස්සානං ’ යැයි බුදුන් වහන්සේ දේශනා කර ඇති බව අපි දනිමු. මෙහි අර්ථය දරුවන් මිනිසා ගේ පිහිට යැයි ධර්ම ග්‍රන්ථ වල දක්වා ඇත. මේ නිසා දෝ බොහෝ දෙනා විවාහ වී දරු සම්පතක් පිළිබඳ ව අපේක්ෂා කරති. එය ප්‍රමාද වන විට එවැනි යුවළක් වටා සිටින අයත් කලබල වීම ස්වභාවය යි. දරුවන් බලාපොරොත්තු වන අයට අද වන විට සාර්ථක තාක්ෂණික මැදිහත්වීම් සහිත ප්‍රතිකාර ක්‍රම ගණනාවක් ම පවතී. මේ නිසා රුපියල් ලක්ෂ දහයක් පමණ පවා වැය කර දරුවන් තැන්පත් කිරීම් වැනි ප්‍රතිකාර සඳහා යොමු වන අවස්ථා සමාජයේ සුලබ ය. නමුත් මෙවැනි අධික වියදමක් කර හෝ දරු සම්පතක් ලබා ගැනීමට නොහැකි වන අවස්ථා ද ඇත. මෙවැනි අවස්ථාවලදී සමගාමී ව දේශීය ප්‍රතිකාරය ද පවත්වා ගැනීම වඩාත් සාර්ථක බව අපගේ අදහස යි. මේ නිසා මෙම ලිපිය කෙටි මාතෘකා කිහිපයක් ඔස්සේ සාර්ථක දරු සම්පතක් ලබා ගැනීම අරමුණු කර ගෙන සම්පාදනය වන්නකි. ______________________________ සාර්ථක දරු සම්පතක අවශ්‍යයතාව අද වන විට තාක්ෂණික දියුණුව සමඟ සොබා දහමින් දරු සම්පතක් සඳහා වඩාත් සුදුසු යැයි අදහස් නොකරන අයට පවා දරුවන් ලබා ගැනීමේ හැකියාව පවතී. එවැනි අය හුදු තාක්ෂණික පිහිටෙන් පමණක් දරුවන් බිහි කළ පසු ව එම දරුවන් ගේ ද නොයෙකුත් අසනීප සහ දුර්වලතා ආදිය දැකිය හැකි වේ. කිසිදු මිනිසෙක් කායිකව මානසික ව සියයට සියයක් නිරෝගී නොවන නමුත් අප මෙහි අදහස් කරන ආකාරයේ දුර්වල දරු උපතක් දෙමාපියන්ට ද සමාජයට ද බරකි. මේ නිසා පෙර සූදානම මඟින් දුර්වල දරු උපත් ඇති වීම බොහෝ දුරට පාලනය කර ගත හැකි ය. ඒ සඳහා මාස හයක් හෝ අවුරුද්දක් වැනි කාලයක් වත් ගන්නේ නම් වඩාත් සුදුසු ය. _______________________________ ජන්ම පත්‍රය ජන්ම පත්‍ර පරීක්ෂාව තුළින් ජන්මියාගේ දරු ඵල පිළිබඳ ව යම් මූලික අදහසක් ඇති කර ගත හැකි ය. ස්ත්‍රී පුරුෂ වේවා ජන්මියෙකු ගේ ගුරු තුන්වැන්නේ සිටීම සහ නවාංශකයේ ද ගුරු දුර්වල වීම දරුවන් පිළිබඳ ව ගැටලු නිවේදනය කර යි. ඊට අමතර ව ස්ත්‍රියකගේ පස් වැන්න පීඩා වීම හත් වැන්නේ රවි තැන්පත් වීම සහ ජන්ම පත්‍රය තුළ ඔ්නෑම තැනක රවි කුජ යෝග වී තිබීම වැනි පිහිටීම් ගණනාවකින් දරු ඵල වලට පීඩා ඇති වීම නිරූපනය කරයි. පස් වැන්න පීඩා වී ඇති කාන්තාවක් දරුවන් ලබා ගැනීම සඳහා සිදු කරන පින්කම් ආදියේ ශක්තිය ද ලබා ගැනීමේ දුර්වලතාවක් පෙන්වන නිසා මූලික ව ශක්ති ප්‍රතිකාර ආදිය සඳහා යොමුවීම ද වැදගත් වනු ඇත. _______________________________ පෙර සූදානම අති බහුතරයක් ලාංකේය කාන්තාවන් ට තයිරොයිඩ් ආබාධ පවතින බව මා මීට පෙර ඔබට කියා ඇත. අවාසනාවට දැනට පවතින තයිරොයිඩ් පරීක්ෂා කිරීමේ ක්‍රමවේද පවතින්නේ අතිශයින් දුර්වල මට්ටමක ය. බලවත් දුර්වලකමක් මිස සියුම් දුර්වලතා දැනට පවතින පර්යේෂණ වලට හසු කර ගැනීමට ඉතා ම අපහසු ය. මේ නිසා දරු සම්පතක් බලාපොරාත්තුවන මවක් යෝග ව්‍යායාම වල නිරත වීම වැදගත් වේ. යෝග උපදේශකවරයකු හමු වීමට වේලාවක් නැති අයට ගර්භනීභාවය සඳහා වන යෝග පොත් ගණනාවක් මේ වන විට මුද්‍රණය වී ඇත. දිනපතා විනාඩි පහළවත් තිහත් අතර ප්‍රමාණයක යෝග ව්‍යායාම එකතුවක් මඟින් සාර්ථක ව හෝමෝන පද්ධතිය යථා තත්වයට පත් කර ගත හැකි ය. මාස කිහිපයක් උදේ ආහාරය සඳහා රතු ළූණු හොඳින් යෙදූ කිරි හොදි එකතු කර ගැනීම ද සාර්ථක ක්‍රමයකි. මේ නිසා දරුවන් අපේක්ෂිත කාන්තාවගේ ශරීරයේ අයහපත් උෂ්ණාධික බව අඩු වේ. මෙක්සිකානු අගස්ති පැළඳීම ද මේ කාලයට යහපත් වේ. නමුත් එය ඔබගේ පාෂාණ පිළිබඳ ව ආධ්‍යාත්මික උපදේශකයකු සමඟ සාකච්ඡා කර සිදු කිරීම වඩාත් සුදුසු වනු ඇත. _______________________________ වැදගත් කරුණක් පෙර සූදානම අවශ්‍යය වන්නේ කාන්තාවට පමණක් නොවේ. පුරාණ විශ්වාසය අනුව පුරුෂයා ද බ්‍රහ්මචර්යවාසයෙහි යෙදී ධාතු රක්ෂා කළ යුතු ය. වැල් පෙනෙල, අමුක්කරා වැනි ඖෂධ සහිත ප්‍රයෝග පුරුෂයින් ගේ ධාතු බල වැඩීමට යොදා ගෙන තිබේ. එසේ ම වර්තමානයේ දී තද යට ඇඳුම් ඇඳීම ද උෂ්ණාධික පරිසර තත්වයන් යටතේ දීර්ඝකාලීනව සේවය කිරීම ද ධාතු ශක්තිය හීන වීමට බලපාන බව වටහා ගත යුතු ව ඇත. පිරිමියා ගේ කෝෂ ශරීරයෙන් පිටත පිහිටා ඇත්තේ ඒවා සාමාන්‍යය දේහ උෂ්ණත්වයට වඩා අඩුවෙන් පවත්වා ගත යුතු නිසා ය. මීට අමතරව කම්මුල්ගාය වැනි රෝග තත්වයන් නිසා ද පුරුෂයින් ගේ ධාතු ශක්තිය හීන වන බව දැක ඇත්තෙමි. දරුවන් නොමැති අයට ප්‍රතිකාර කිරීමේදී පිරිමි පාර්ශවය පිළිබඳව ද මේ නිසා සැලකිලිමත් විය යුතුම ය. පුරුෂයා ගේ ස්වභාවය පරීක්ෂා කිරීමෙන් අනතුරුව අශ්වගන්ධ චූර්ණය, අශ්වගන්ධ ඝෘතය, ලක්ෂ්මී විලාසරස වැනි ඖෂධ වුව ද යෙදිය හැකි ය. මෙම ඖෂධ සුදුසු අනුපාන සමඟ භාවිතා කිරීමට උපදෙස් දිය යුතු ය. ධාතු ශක්තිය අතිශයින් ම හීන අයට ශක්ති ප්‍රතිකාරයක් වශයෙන් අග්නි පාෂාණ පැළඳීම ( කෙටි කාලයක් සඳහා ) ඉක්මන් ප්‍රතිඵල ගෙනෙයි. වැල්පෙනෙල කැඳ මෙන් ම උදෑසන එළකිරි අඬු කෝප්ප භාගයක් සමඟ අමුක්කරා පිටි තේ හැන්දක් පමණ ද භාවිතා කළ හැකි ය. මේවායින් ප්‍රතිඵලයක් ලැබීමට වෛද්‍යය පරීක්ෂාව යටතේ මාස කිහිපයක් ඉවසිල්ලෙන් පිළියම් කළ යුතු වේ. ______________________________ පොදු ආදර්ශ ප්‍රතිකාරයක් දරුවන් නොමැති කාන්තාවන් සඳහා සමගාමී ප්‍රතිකාරයකදී වුව ද වැදගත් වන විරේකයක් පහත දක්වමි. අරළු, තිරැස්සවාලු, මුද්දරප්පලම් සහ නෙල්ලි යන මේවා කලං තුන බැගින් ගෙන පත අට පතට සිඳ පෙරා සවිඳ ලුණු දමා පානය කළ යුතු ය. ප්‍රමාණවත් පරිදි විරේක නොවුනා නම් පසුදින ද එසේ ම පානය කළ යුතු ය. ඉන්පසු ව රසකිඳ, බැවිල මුල්, අලුකෙසෙල් අල, කළු උක් පුරුක් කලං එක හමාර බැගින් ගෙන පත අට පතට සිඳ පෙරා මී පැණි දමා සතියක් පමණ පානය කිරීම සෑහේ. මෙය උෂ්ණ රෝග සහිත ‌කාන්තාවන්ට ඉතා ම සුදුසු මූලික කෂායකි. ඉන්පසු ව සාතාවරී මෝදකය තේ හැඳි එක බැගින් උදේ - රාත්‍රී ආහාරයෙන් පසු ව ගෙන නෙල්ලි රසකිඳ තැම්බූ වතුර මඳ උණුසුම ඇතිව ම පානය කළ යුතු ය. මෙය මාසයක් පමණ කිරීම සෑහේ. රෝගියා ගේ ස්වභාවය අනුව සිද්ධජීවමෘතය ද ( නිෂ්පාදනයේ පවතී. ) ශීත දේශගුණයක වාසය කරන්නේ නම් අශෝකාරිෂ්ටය ද යෙදිය හැකි ය. කුමාර්යාසවය ද මෙහිදී යොදා ගත හැකි වටිනා නිෂ්පාදිත ඖෂධයකි. _______________________________ ගැබ පිහිටීමට ඖෂධ සුදු කටුවැල් බටු ගෙඩිවල නැටි සීරුවට තලා පිරිසිදු ජලයේ බහා තබා මිරිකා ගත් දියෙන් රතු කැකුළු සහල් බත් පිස ඔසප් සමයෙන් පසු ව මුල් දෙසතියේ දී කිරි සමඟ ආහාරයට ගැනීම ඩිම්බ ‌කෝෂ සූදානම් කිරීමට උසස් දායකත්වයක් ලබා දේ. මේ කාලය තුළ සිරිවැඩි බැබිල මුලේ පොතු වැල්මී චූර්ණය සමඟ එළකිරෙන් අඹරා කිතුල් හකුරු සමඟ දිනපතා සති දෙක ම උදේ ට දෙන්න. නැතහොත් කුඹුරු වැලේ පස්පංගුව වණ්ඩුවේ තම්බා මිරිකා ගත් යුෂ එළකිරිවලින් කිතුල් හකුරු සමඟ දෙන්න. මේ කාලය තුළ කෙමක් ලෙස ඇසතු පිළිලයක් ගෙන ස්ත්‍රියගේ වම් බාහුවේ බැඳ තබන්න. _____________________________ තවත් වට්ටෝරු කිහිපයක් ස්ත්‍රී ගර්භාෂය ප්‍රකෘතිමත් කරන කෂායක් ලෙස උක් හකුරු, මානෙල් ඇට, රසකිඳ, සැවැන්දරා මුල්, ඉරමුසු මුල්, බැවිල මුල්, ලුණුවිල දඬු, හාතාවාරිය අල කෂාය සැලකේ. ඔසප් වීම ක්‍රමවත් කිරීමටත් වඳ බව නැසීමටත් ඊතණ මුල්, උක් මුල්, වැලුක් මුල්, රණ උණ මුල්, ඉලුක් මුල් කෂාය සැලකේ. පුරුෂයා ගේ වඳ බවට කිරිබදු අල, හාතාවාරිය අල, ගොටුකොළ මුල්, මුකුණුවැන්න මුල්, සාරණ මුල්, සැවැන්දරා මුල්, ඉරමුසු මුල්, බෙලි මුල්, කූරතම්පලා, පොල්පලා මුල් කෂාය ද ගුණදායක ය. මේවා රෝගියා ගේ ස්වභාවය අනුවත් ප්‍රද‌ේශය අනුවත් යෙදිය යුතු වේ. _______________________________ කැමති දරුවෙක් ලැබීමට සෘතු කාලයෙන් පසු ව දෙදෙනා එක් වීමට පළමුව ජින්සෙන් අලයක් හ‌ෝ සුදු කටුවැල් බටු අලයක් හෝ ගෙන එළකිරෙන් අඹරා එයින් බින්දු සතරක් පිරිමි දරුවෙකු කැමති නම් ස්ත්‍රිය ගේ දකුණු නාස් පුටයෙන් ද ගැහැණු දරුවකු කැමති නම් වම් නාස් පුටයෙන් ද නස්න කළ යුතු යැයි දක්වා ඇත. මේ සඳහා නුග කරටි යුෂ ද යොදා ගත හැකි බව කියවේ. _______________________________ ගර්භාරක්ෂක පිළියම් කෘතිම ව හෝ දරු ගැබක් පිහිටුවා ගත් පසු ව සමගාමීව යෙදිය හැකි අත්දුටු පිළියමක් නම් නෙළුම් අල ප්‍රතිකාරය යි. මේ සඳහා පිරිසිදු ස්ථානයකින් ගත් නෙළුම් අල සමඟ තල ගෙන සිහින් වන්නට අඹරා කිරි සමඟ කලවම් කර ලිප තබා මඳ ගින්නේ පිස මී පැණියෙන් උදේ සවස ගත යුතු ය. මෙවැනි ප්‍රයෝගයක් යොදා ගැනීමට අවකාශ නැති අයට ඵලකළ්‍යාණ රසය නැමැති නිෂ්පාදිත ඖෂධය නිර්දේශ කළ හැකි ය. _______________________________ ගබ්සාවීමෙන් වැළකීමට නිදිකුම්බා මල්, මලිත මල්, ලොත් සුඹුල්, මානෙල් අල යන මේවා එක තරමට ගෙන ඇල් දියෙන් අඹරා එළකිරෙන් ලිප තබා පිස නිවුණු පසු ව මී පැණියෙන් ගන්න. මෙය පුරුද්දක් වශයෙන් ගබ්සා වන කාන්තාවන්ට වැදගත් ඖෂධ යෝගය කි. _______________________________ ගර්භනී සෝම රෝග තත්වය ගැබිණි මව ට මුත්‍රා යාමේ අපහසුකම් මෙන් ම නොයෙකුත් දියර ස්‍රාවය වීම් ද ඇතිවිය හැකි ය. මෙය ගැබ ට ඉතා ම අහිතකර ලෙස බලපාන්නට පුලුවන. මේ තත්වය ඉක්මනින් පිළියම් යෙදිය යුතු තත්වය කි. මේ සඳහා පළමුව අස්වැන්න, පොල්පලා, කටුවැල්බටු, එළබටු, ගොකටු, ඇතුළත් සුළුපහ නමින් හඳුන්වන කෂාය යෙදිය හැකි ය. මේ කාලයේ එළබටු මුල් වෙනුවට වම්බටු මුල් යොදන බැවින් වෙළඳපළෙන් ඖෂධ මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු ය. උදේ සවස කෂාය යොදන අවස්ථාවේදී ම රණවරා මල් සහ කොළ සමඟ කබලේ බැද ගත් කොත්තමල්ලි තැම්බූ වතුර ද සමඟ දිනකට දෙවරක් කෑමට පසු ව ගෝක්ෂුරාදී ගුගුල් දෙක බැගින් යොදන්න. සෝම රෝගය උත්සන්න නම් රණවරා පංචාංගය, නීරමුල්ලිය, රසකිඳ, වියළි කහ, වෙනිවැල්ගැට, හාතාවාරිය අල, ඉරමුසු, සැවැන්දරා මුල්, වැල්මී, ඉඟිනි ඇට, කිරිබදු අල, සුදු සඳුන් යන මේවා මංචාඩි පහළව බැගින් ගෙන පත අට පතට සිඳ පෙරා දෙවේලට සති දෙකක් මී පැණියෙන් පානය කළ යුතු ය. ගර්භනීන් ඖෂධ පිණිස මෘදු මී පැණි වර්ගයක් භාවිතා කළ යුතු වේ. කොහොඹ මල් මී පැණි ආදිය එතරම් සුදුසු නැත. මේ කාලය තුළ වෙනිවැල් ගැට කොත්තමල්ලි තැම්බූ වතුරින් චන්ද්‍රප්‍රභා වටී දෙක බැගින් දෙවේලට පානය කළ යුතු ය. උදේ ට සහ රාත්‍රියට රෝගියා ගේ දුර්වලතාව අනුව ඵලකල්‍යාණඝෘතය තේ හැඳි එකක් නියම කරන්න. _________________________________________ රක්තස්‍රාව අද කාලයේ ගැබිණි මාතාවකට වුව ද රැකියාවට යන්නට සිදු වේ. පොදු ප්‍රවාහන සේවා ආදියෙහි කටුක ගමන් බිමන් ආදී නොයකුත් උපද්‍රව නිසා ද රැකියා ස්ථානවල පවතින අධික මානසික පීඩනය නිසා ද ද‌ේශගුණ විපර්යාස නිසා ද ආදී නොයෙකුත් හේතූන් නිසා ලේ වහනය විය හැකි ය. මෙය වහා නතර කළ යුත්තකි. මේ සඳහා රක්තරෝධක චූර්ණය තේ හැන්දක් පමණ අලු කෙසෙල් අල යුෂ සමඟ මී පැණි යොදා දෙන්න. දිනකට දෙවරක් දීම සෑහේ. වරින් වර ගිතෙල් සහ මී පැණි යොදා රක්ත රෝධක චූර්ණයෙන් කලඳක් යොදා ( ග්රෑම් පහක් පමණ ) ලේහ කිරීම ද හොඳයි. මේ ඖෂධ සපයා ගත නොහැකි නම් කටුපෙඳ ගෙඩි හා කෙකටිය අල සම ව ගෙන සිහින් ව අඹරා වණ්ඩුවේ තම්බා මිරිකා ගත් යුෂයට මී පැණි දමා දිනකට දෙවරක් දෙන්න. නැත්නම් දිවුල් පොතු, නෙළුම් අල, ඉරිවේරිය, අත්තික්කා පොතු සමව ගෙන කෂාය කර උදේ සවස දෙන්න. අමු කහ, කොහොඹ කොළ තම්බා සෝදා තෙත මාත්තු කර සැවැන්දරා මුල්, නෙළුම් අල, සුදු සඳුන්, අමු කහ ගිතෙලින් අඹරා කපු පුළුන් තෙමා ප්‍රසව මාර්ගයේ බාහිරව යොදන්න. නෙළුම් රේණු සහ මානෙල් අල ගිතෙලින් අඹරා දරු ගැබ මතුපිට ගාන්න. වේලෙන්නට නොදී වරින් වර මතුපිට ‌ගිතෙල් ආලේප කරන්න. _________________________________________ වේදනාවට දරු සම්පතක් නැති ව කාලයක් සිට දරු ගැබක් පිහිටි කල්හි බොහෝ වේලාවට අධික වේදනාවක් මවට දැනේ. එම අවස්ථාවට බැවිල මුල් කෂාය කිරි සමඟ සුදුසු පරිදි යොදන්න. _________________________________________ වමනයට නැවත නැවත වමනය සුදුසු නොවේ. පිළියම් යෙදිය යුතු ය. මේ සඳහා බෙලි මුල්, ඉරිවේරිය, සැවැන්දරා මුල්, දඹ පොතු සමව ගෙන කෂාය කර එයට වී ‌පොරි කුඩු කර දමා මී පැණියෙන් වරින් වර දෙන්න. ඉදුණු සියඹලා කරල් පොතු ගෙන පිටත සුඹුල ඉවත් කර කබලේ බැද කුඩු කර මී පැණි සමඟ ලේහ කරවන්න. තද වමනය වුව ද නවතී. __________________________________________ වැළකිය යුතු ආහාර ගැබිණියක් චොකලට්, ‌මෝල්ට්, රතු මස්, රතු මාළු, බැදුම් වර්ග සහ කොස් දෙල් වැනි ආහාර වලින් වැළකීම ඉතා ම වැදගත් වේ. කෙටි කෑම වර්ග මෙන් ම කෘතිම රස කාරක යෙදූ ආහාර ද නොගන්නේ නම් මැනවි. සුප් වැනි ආහාර මෙන් ම සුදුසු පරිදි කොළ කැඳ පානය කිරීම ද තැඹිලි වැනි පානයන් සුදුසු පරිදි සීමාවකට යටත් ව ගැනීම ද කළ යුතු ය. __________________________________________ දරුවකු

1114