ගොකටු

  • 0
  • 1 year ago
  • Views : 647
  • ID : #3662

Description

? උද්භිද ව්ද්‍යාත්මක නාමය = Asteracantha longifolia උද්භිද ව්ද්‍යාත්මක කුලය = Acanthaceae සංස්කෘත භාෂාව = ගෝක්ෂුර වැවෙන ප්‍රදේශ = ඉන්දියාවේ හා ලංකාවේ ගංගා ආශ්‍රිත ව වර්ෂා කාලයේ දි වැවේ. ස්වරෑපය = අඩ් 2, 3 පමණ උසට වැවේ.සෘජු කදක් සහිතය. කදේ ගැට සහිතයි. කද චතුස්කොනාකාර ස්වභාවය ක් ගනි.පත්‍ර අගල් 3, 4 පමණ දිගය. පළල අගල් භාගයක් පමන වේ. පත්‍ර අගිස්ස උල් ස්වභාවයක් ගනි. ශාකයේ සැම තැනම තියුණු කටු සහිතයි. පුෂ්ප වල වර්ණය අනුව ප්‍රභේද 02 කි. ව්‍යවහාර අංග = පංචාගයම ප්‍රයෝජනයට ගනි. මාත්‍රාව = මුල් කෂාය කර්ෂ භාගය යි තුන දක්වා ඇට කලං භාගයයි එක දක්වා දෝෂ කර්ම= වාත පිත්ත සාමකයි. කඵ වර්ධක යි. ව්‍යුහගත කර්ම (නාඩ් ව්‍යුහය ) = බීජ නාඩ් බලකාරකයි .නාඩ් දෝර්බල්‍ය වාත ව්‍යාධ් අවස්ථා වල දි ඔසු ප්‍රයෝග කිරිමට භාවිතා කරයි. පාචන ව්‍යුහය = අනුලෝමනයි ,යකෘත් තේජකයි රක්ත සංවහන ව්‍යුහය = ශ්‍රොණිස්ථාපනයි , රක්ත / පිත්ත / වාත රක්ත අල්පතා ශෝථ රෝග අවස්ථා වල දි උපයෝගි කර ගනි. මුත්‍රණ ව්‍යුහය = මුල් / ඇට / කොළ මුත්‍රකයි.මුත්‍ර කෘච්ජ රෝග අවස්ථා වල දි භාවිතා කරයි. යෝග = අශ්මරි රෝග අවස්ථා වල දි නවරත්න කල්කය ගොකටු කෂායෙන් බීම. රත් පිතට ගොකටු / හාතාවාරිය කිරි කෂාය බීම. ගොකටු ඇට කිරි කෂාය වාජිකරණයට ගුණයි

1114