කොළ කැද

  • 0
  • 1 year ago
  • Views : 372
  • ID : #9260

Description

? සෙම් වැඩ් නොවන්නට කොළ කැඳ පසුගිය දා ඉතා කණගාටුදායක අත්දැකීමක් ලැබුවා. ඒ හාමුදුරුවන් වහන්සේ නමක් සම්බන්ධව. උන්වහන්සේ ගේ අක්මාවේ තෙල් තත්වයක් ඇති වී තිබෙනවා. ඒ පිළිබඳ ව බටහිර විශේෂඥ වෛද්‍යතුමියක් කටයුතු කරනවා. වෛද්‍යතුමිය උන්වහන්සේ ට කොන්දේසියක් පනවා තිබුණා. ඒ හීංබෝවිටියා ආදී අක්මාවට හොඳ යැයි සම්මත වුවත් කිසිදු ආකාරයකින් කොළ කැඳ පානය නොකරන ලෙස යි. කොළ කැඳ පානය කිරීම උදෙසා ඇය කුමන කරුණු පදනම් කරගෙන තහනමක් පැනවූවාදැයි මා දන්නේ නැහැ. පුංචි හාමුදුරුවන් සෙම් බහුල සිරුරක් ඇති අයෙක් නිසා එය එසේ කීමට වැඩි ඉඩක් තිබෙනවා. කොළ කැඳ සාදන බොහෝ දෙනා අතින් එය ශරීරයට සීත වන ආකාරයටත් පෝෂ්‍යය පදාර්ථ විනාශ වන ආකාරයටත් සිදු වනවා. මේ නිසා ඖෂධීය භාවිතයකට සුදුසු වන පරිදි කොළ කැඳ සාදා ගත හැකි ආකාරයක් ගැන පහතින් දක්වනවා. එය ඔබට බොහෝ වැදගත් වේවි. කොළ කැඳ සාදන්නට අප භාවිතා කරන්නේ රතු කැකුළු බත යි. රතු කැකුළු ද ශීත ගුණයෙන් යුක්තයි. නමුත් එය කොළ කැඳ සඳහා වඩාත් සුදුසු වන වෙනත් කාරණා ඇති නිසා වඩාත් සුදුසු ලෙස තෝරා ගැනෙනවා. මුලින් ම බත් තම්බා ගත යුතු යි. පොල් කිරි දිය කිරි සහ මිටි කිරි ලෙස දෙවර්ගයෙන් ම ඕනෑ වනවා. තෝරා ගත් කොළ පිරිසිදු කර ගත යුතු යි. වතුර බේරෙනනට තබන කොළ වලින් ඉතා ම දිග ඒවා කපා කොට කර ගැනීම වැදගත්. ඉන්පසු ව ඒවා දියකිරි ටිකක් සමඟ බ්ලෙන්ඩරයට දානවා. බ්ලෙන්ඩර් කර ගත් කොළ දියරය කිරි ගොට්ටෙන් පෙරා නැවත දෙවරක් පමණ බ්ලෙන්ඩර් කර ගන්න පුලුවන්. මේ නිසා සියලු ම කොළ අපතේ නොයවා උපරිම ප්‍රයෝජනය ට ගන්න පුලුවන්. අන්තිමේ රොඩු දුඹුරු පැහැයට හැරෙන තුරු කොළ දියරය ලබා ගත හැකි යි. ඉන්පසු ව සුදු ළූණු බික් දෙකක් සහ ඉඟුරු පෙත්තක් ද තලා මිටිකිරි සහ ලුණු ද සමඟ තැම්බූ බත් එක සුදුසු භාජනයක ලිප තබා යොදන්න. කිරි උතුරන්නට මිනිත්තු පහක් පමණ ගත වේවි. ඒ කාලය කිරි හැඳි ගාන්නට ඕන. අනික මෙය සිදු කළ යුත්තේ වැඩි ගින්දරේ යි. හොඳින් මිටි කිරි තැම්බී උතුරන විට කලින් සාදා ගත් කොළ දියරය එයට එක් කරන්න. බුබුළු දමනකල් ම හැඳි ගාන්නට ඕනෑ. අනෙක මේ සියල්ල සිදු විය යුත්තේ වැඩි ගින්දර තුළ යි. මේ අන්දමට සාදා ගත් කොළ කැඳ බොහෝ වේලා කල් තබා ගත හැකි අතරම ශරීරයේ සීත බව වැඩි නොකර යි. දියවැඩියා රෝගීන් සඳහා කොළ කැඳ සෑදීමේදී ගොටු කොළ විශාල වශයෙන් යොදන්න එපා. ගොටු කොළ කැඳ මාන්දමට හොඳ යි. පණු රෝග වලට ද ගුණ යි. කටරොළු කැඳ උගුරට මෙන් ම බුද්ධි වර්ධනයට හොඳ යි. පොල්පලා, නීරමුල්ලිය වැනි කොළ කැඳ වර්ග මූත්‍රා පද්ධතියට හොඳ යි.දියබෙරලිය සහ මොණරකුඩුම්බිය කැඳ සෙංගමාලයට සහ ශරීරය නිවීමට හොඳ යි. බටු සහ තිබ්බටුකොළ කැඳ කැස්සට හොඳ යි. විෂ්ණුක්‍රාන්ති, දිවුල්, කිරිඅඟුණ, ලුණුවිල වැනි කොළ කැඳ වර්ග විෂ සඳහා ඉතා ම හොඳ යි. දේශීය වෛද්‍යවරයෙකුගේ උපදෙස් අනුව භාවිතා කරන්නේ නම් බොහෝ රෝගාබාධ කොළ කැඳ මඟින් ම සුව කර ගත හැකි යි.

1114