අක්මාව

  • 0
  • 1 year ago
  • Views : 367
  • ID : #5147

Description

? අක්මාව ගැන ටිකක්.... අක්මාව මිනිස් සිරුරේ කාර්යයන් සිය දහස් ගාණකට දායක වනවා. මේ නිසා ඒවා එකින් එක කතා කරන්න කෙටි ලිපියකින් අමාරුයි. නමුත් අත්‍යාවශ්‍යය යම් යම් කාරණා ටිකක් මේ ලිපිය තුලින් කතා කරන්න හිතුවා. අක්මාව රෝගී වීම පහසු නැහැ. අක්මා රෝගීන් එකවර මිය යන්නේ ද නෑ. වතුර පිරුණු උදරය ඇති ව දෙපා ද ඉදිමී මාස කිහිපයක් දැඩි දුක් වේදනා විඳ මිය යන අක්මා රෝගියා ට පිපාසයට වතුර පානය කිරීම පවා සහනයක් ගෙන දෙන්නේ නෑ. රෝගියා වතුර පානය කළ විට ගලනාලය දිග‌ේ පිළිස්සෙන්නාක් ‌මෙන් පහළට ගලා යනු දැනෙන තරම් එය පීඩාකාරී යි. මා අක්මාව දකින්නේ මිනිස් සිරුර තුළ අපට සිටින ප්‍රධාන වෛද්‍යවරයා වගේ ම ඖෂධ ශාලාව විදිහට යි. සොබා දහම සතුන් ව සකසා ඇත්තේ තමා ගන්නා ආහාර පාන තුළින් බොහෝ රෝග සමඟ සටන් සුවපත් විය හැකි ආකාරයට යි. මේ ක්‍රියාවලිය තුළ අක්මාව සැලකිය යුතු මෙහෙවරක් ඉටු කරනවා. මේ නිසා අක්මාව දුර්වල වූ විට නොයෙකුත් රෝගාබාධ මතු වන්නට පුලුවන්. අක්මාවේ දුර්වලකම මත් වතුර පානය කරන අයට පමණක් අදාල වන්නේ නෑ. අක්මාව රෝගී වීමට අද කාලයේ බල පවත්වන තවත් හේතු ගණනාවක් තිබෙනවා. අක්මාව මිනිසා ගේ චිත්තවේගික කාරණා සමඟ තදින් බැඳී තිබෙනවා. මේ නිසා කෙනෙක් දිගින් දිගට ම දුකින් ඉන්නවා නම් අක්මාව දුර්වල වෙන්න පුලුවන්. මීට අමතර ව අද ලංකාවේ බොහෝ දෙනා ආහාර පාන වශයෙන් ගන්නා දේවල් ස්වාභාවික ව ජානමය වශයෙන් අපට හුරු පුරුදු දේවල් නොවෙයි. මේ නිසා අපට අද කාලයේ හමුවන බොහෝ දෙනෙක් ගේ අක්මාවේ තෙල් තැන්පත් වී තිබීම දැකිය හැකි වනවා. අක්මාව දුර්වල වීමට රාත්‍රී කාලයේ නිදි වර්ජිතව සිටීම ද හ‌ේතු වනවා. තෙල් ආහාර වලින් වැළකී සතුටින් සිටීමත් මධ්‍යම රාත්‍රියේ ‌තද නින්දත් දුර්වල අක්මාවක් වුවත් නැවත සුවපත් කිරීමට හේතු වනවා. අක්මාව සම්බන්ධ රුධිර පරීක්ෂණ අතිශයින් සීමා සහිත සහ දුර්වල පරීක්ෂණ බව අමතක කළ යුතු නැහැ. අක්මාව අවසන් අවස්ථාව දක්වා තමන් ගේ ගැටලු රුධිරයට මුදා හරින්නේ නෑ. මේ නිසා අක්මාව පිළිබඳ ව රුධිර පරීක්ෂාවකින් අක්මාවේ සැබෑ තත්වය බලා ගන්න බැහැ. යම් අයෙක් ගේ උත්පත්ති කේන්ද්‍ර සටහනේ පස් වැන්න සමඟ පාපීන් සම්බන්ධ වේ නම් එවැනි අයට අක්මාවේ ආබාධ වැළඳීමට යම් ඉඩක් තිබෙනවා. පස් වැන්නේ ශනි කොන්දේ ආබාධ ගැනත් පවසයි. සුව කළ නොහැකි තත්වයට පත් වූවා යැයි සලකා අසාධ්‍යය ව නිවසට රැගෙන යන ලෙස රෝහලින් ඥාතීන්ට දැනුම් දුන් අක්මා රෝගීන් කිහිප දෙනෙක් ම සුවපත් කරන්නට මා යොදා ගත් උපක්‍රම කිහිපයක් සහ සැලකිලිමත් විය යුතු කරණු. පළමුව අක්මා රෝගියෙකු ගේ තයිරොයිඩ් ග්‍රන්ථිය‌ේ තත්වය පිළිබඳ ව සැලකිය යුතු ම වනවා. අපට හමු වන බොහෝ අක්මා රෝගීන් තයිරොයිඩ් දුර්වලතාවයෙන් පෙළෙනවා. තයිරොයිඩ් ග්‍රන්ථියේ විධානයන් අක්මාවට හොඳින් ක්‍රියා කිරීම නිසා අවශ්‍යය යි. මානසික පීඩා නිසා තයිරොයිඩ් ක්‍රියාකාරීත්වය අඩු වනවා. මෙය අක්මාවට තදින් බලපානවා. මේ නිසා එවැනි රෝගීන් ගේ තයිරොයිඩ් සංකූලතා සඳහා අප ප්‍රතිකාර නොකරන්නේ නම් අක්මාවේ රෝග මූලය සඳහා පිළියම් ලැබෙන්නේ නෑ. පුරාතන මූලාශ්‍රයක් වන ‌භේසජ්ජ රත්නාවලිය‌ේ මහා රෝහිතක ඝෘතය නමින් අක්මාවේ ආබාධ සඳහා සුදුසු ඖෂධයක් දක්වා තිබෙනවා. එහි ඖෂධ සංයෝග අනුව පෙනී යන්නේ තයිරොයිඩ් සංකූලතා ද සැලකිල්ලට ගෙන එහි වට්ටෝරුව සකස් කර ඇති බවයි. දෙවනුව යම් දුරකට අක්මාව දුර්වල වූ පසු ව එය වකුගඩු දුර්වල වීමට හේතු වනවා. මේ නිසා අක්මාවට බෙහෙත් කරද්දී වකුගඩු සඳහා මෘදුව බලපවත්වන ඖෂධ තෝරා ගත යුතු යි. අක්මාවේ දුර්වලකම සමඟ විටමින් ඩී ඌනතාවය ද මතුවිය හැකි යි. එවැනි අයගේ සන්ධි ඉදිමුම් තත්වයක් දැකි ය හැකි වනවා. මෙය ඉතා පරිස්සමින් තෝරා‌ බේරාගෙන ප්‍රතිකාර කළ යුතු අවස්ථාවක්. සාම්ප්‍රදායික ව මෙවැනි ඉදිමුම් සඳහා භාවිතා වන සාරණ මුල් කර ගත් දේශීය ඖෂධ මූලික ව ඉළක්ක ගත ව ඇත්තේ වකුගඩු දුර්වලතාව යි. මේ නිසා එවැනි අවස්ථාවක වකුගඩු වලට පමණක් නොව අක්මාවට ද ඖෂධ යෙදීමට සිදු විය හැකි යි. අක්මාවේ ආබාධ සඳහා සියඹලා, ඇහැල පොතු, කෝමාරිකා වැනි දේශීය ඖෂධ මූලික වන සංයෝග මා හට සාර්ථක වී තිබෙනවා. අක්මාවේ ආබාධ සඳහා අරළු ද අවස්ථාව අනුව භාවිතා කළ හැකි යි. අක්මා ආබාධ සඳහා දෙළුම් ඉතා ගුණදායකයි. අක්මාව පෝෂණය කිරීමේ සුවිශේෂී ගුණයක් දෙළුම් සතු වනවා. අක්මාව නැවත සුවපත් වීම ට දෙළුම් සාර්ථක ව උපකාරී කර ගත හැකි යි. මේ සඳහා දාඩිමාෂ්ටක චූර්ණය නැමැති ඖෂධය ද යොදා ගත හැකි වනවා. තාමත් නිෂ්පාදනය වන මෙම ඖෂධය පළපුරුදු දේශීය වෛද්‍යවරයෙකු ගේ අනුදැනුම සහිතව භාවිතා කරන්නේ නම් වඩාත් සුදුසු යි. එයට හේතු වන්නේ එහි මාත්‍රාව සුවිශේෂී වන නිසා යි. අක්මා ආබාධ වලදී තෙල් සාත්තු යෙදීම රෝගියාට පහසුවක් ඇති කරනවා. ශූලහර තෙල්, ත්‍රිපලාදී තෙල් සහ උළුවා තෙල් ද සර්වවිෂාදී තෙල් ද මේ සඳහා මූලික ව යොදා ගත හැකි යි. පළමුව රෝගියා ගේ උදරයේ ශූලහර තෙල් උඩ අතට ගල්වා ඒ මත සුදුසු පරිදි උළුවා වැනි තෙල් වර්ගයක් ගල්වා ඉන්පසුව ලාක්ෂාදී ලේපය පිරිසිදු මී පැණියෙන් අනා ඒ මත යොදා තැබිය හැකි යි. මෙය රෝගියාට සහනයක් ගෙන දෙන අත්දුටු පිළියමක්. ලාක්ෂාදී ලේපය තවමත් නිෂ්පාදනය වන ලේපයක් වන අතර වෛද්‍යය උපදෙස් පරිදි ගුණාත්මක ලේපයක් තෝරා ගත යුතු යි. ( තත්වයෙන් බාල ලාක්ෂාදී ලේප වෙළඳ පළේ දැක ඇත්තෙමි. ) අක්මා රෝගීන් ට රතු නාඩු සහල් සහ වැටකොළු ඉතා ම ගුණදායක වනවා. දිනපතා ලබා දීම වුව ද කම් නැත. මීට අමතර ව අර්තාපල් තම්බා දීම ද හොඳ යි. අක්මාවේ සුවපත් බව ට හේතු වන යෝගාසන අතර උස්ත්‍රාසනය, භුජංගාසනය, සලභාසනය, ධනුරාසනය, මත්‍යාසනය, සේතු බන්ධ සර්වාංගාසනය වැනි ආසන ගණනාවක් ද පවතිනවා. ස්වාභාවික අගස්ති පාෂාණයන් පැළඳීම තුළින් අක්මාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ව යම් සාධනීය තත්වයක් ඇති වන බව දැකිය හැකි යි. නමුත් රෝග නිවාරණයට අදාල වන පරිදි මිල අධික පාෂාණ පැළඳගෙන සිටි කාන්තාවක් ද මෑතක දී පිළිකා රෝගයට ගොදුරුවනු මා දුටුවා. මේ නිසා වඩාත් වැදගත් වන්නේ ශරීරයේ සීමා හඳුනා ගෙන ඒ අනුව ජීවිතය ගෙවීම යි. වෙනත් කිසිදු අවයවයකට නැති ආකාරයේ හැකියාවක් අක්මාවට තිබෙනවා. එනම් එයට නැවත ලියලා වැඩිය හැකි යි. මේ නිසා නිවැරදි පිළියම් යෙදිය හැකි නම් සුවපත් කර ගැනීම පිළිබඳ යම් බලාපොරොත්තුවක් තබා ගත හැකි වීම පිළිබඳව ද අක්මාව සම්බන්ධයෙන් සාකච්ඡාවේදී අප අවධානය යොමු කළ යුතු යි.

1114