කොල්ලන් කොළ

  • 0
  • 1 year ago
  • Views : 409
  • ID : #5087

Description

? උද්භිද ව්ද්‍යාත්මක නාමය =Cinnamonum tamala උද්භිද ව්ද්‍යාත්මක කුලය = Lauracaea සංස්කෘත නාමය = තාලිස පත්‍ර ,තේජ පත්‍ර පර්‍යාය නාම = තේජ පත්‍ර ගන්ධජාතං පත්‍රකං පාක රසං ගුණ = පත්‍ර කං මධුරං කිංකිත් තික්ෂෝණ ව්‍යවහාර අංග = දළු කොළ ප්‍රිය උපදවන මහා ඔසුගුණ වලින් අනුන මෙය ඉතා ප්‍රබල ප්රතිශක්තියක් පත්‍ර වලත් මල් වලත් මුලෙත් පවත්නා පැළෑටියකි. අරිෂ්ට කොතනද එතන කොල්ලන්කොල අැත කොල්ලන් කොතනද එතන අරිෂ්ට අැත.මොකද අරිෂ්ඨ වලට කොල්ලන් කොල මගින් ප්රතිෂක්තියක් අැතිවිමයි. වාත කසායට කොල්ලන් පාවිච්චිය ඉතා යෝග්‍ය යි.ශරීරය පණ ගන්වන ශක්ති කසාය වලටද ඉතාම වටිනා ඔසුවකි .තවද විශේෂයෙන් පොඩි දරැවන්ගේ රෙදි සොදාහැර මෙම ඔසු වතුරට දමා තිබිම මගින් විෂබිජ ඉවත් කිරිම පමනක් නොවේ ,වේලා ගත් පසු එන සුවද ස්වභාවික සුවදකි.ව්ලවුන් පරාදය. .අැග ගල්වා ගත්විට හරිම සෞම්ය බවක් අැතිවේ.මෙම ඔෘෂධය නොයෙකුත් තෙල්වර්ග හිදිමට යොදාගන්නා අතර විලවුන් සබන් හිසට තෙල් අාදියත් මේකප් වර්ග නිපද වීමටත් යොදාගනි. හිසේ ඉස් හොරි වලට මෙන්ම තෙල් ගතිය රදවා ගැනිමට .වරලස ගැට අැතිවිමද වලකාලයි.තව බොහොදේ එකතු කරනව නම් සමදරා කොල කහ වෙනිවැල් කොල්ලම් සම ප්රමාන ගෙන ජලයෙ තම්බා ස්නානය මැනවි. සමේ රොග වාත රොග හිසේ රොග ස්නායු රොග වලට ඉතාම අනගි .ජලයේ බැස පැය බාගයක් විතර සිටිම මගින් ඔසු ගුණ ලැබේ. එයම ස්නානයට ගැනිමෙන් සුවදවත් බව දින ගනනක් පවති. පෙර කල රජවරැ අන්තප්පුර යුවතියන් පාවිච්චියට ගත් ඔසු වේ. වදමල් සමන්පිච්ච දෙලුම් දොඹමල් කුමුදු මල් මේවා ජලයට එකතු කර ස්නානයට යොදා ඇත.මෙයටම කොල්ලන් කොළ යොදා රසායන ගුන තිව්‍ර් කර ඇත. හිසරදයට කුරැදු පොතුත් කොල්ලන්කොල උක්හකුරැ අඔරා පානුදිය ලා කල තමින් පෙරැ දිය හිදිමින් ඔහු නහ හිස තුලහි කර පිරැ තද හිස රද වදේ ඔහු හැර නොලස වේ දුරැ. නහයට බින්දු කිපයක් දමා හිසේ ගා පීරන තැන වා පිත් සෙම් වලින් හටගන්නා හිසරද සුවවේ. වේදනා නාසක යක් ලෙස ස්වභාවික පැරසිටමෝල් ලෙස ක්‍රියා කරන අනර්ඝ ඔසුවකි .මොළයට දෙන පනිවිඩ නොහොත් සන්වේදන පැය කිපයක් නවතා ගැනිමේ හැකියාවක් මෙයට ඇත. මුඛ රොගවලට කට වන හැමරොගයටම ලමග සුබුලු මේ ඔසු රැගෙන එල්බජු සහ කමල් වදේ තිකුලු පස් කොල සමගින දේව කෑල දවා අලුගෙන මීයෙන් තිබුනුය නොලසින මුඛ රෝ සියලු නසන දිව ඔසුවකි දනු නියමින (මෙහි කමල් යනු කොල්ලන් කොලය) අක්ෂිරොග හරණාදී තෙෙලයට කල්කයට නාමල්රේණු සපුමල් කොල්ලන්කොල මල් පිච්චමල් දේ සදුන් ......එකතු කරනු ලැබේ. ඉසගානු කන වක්කරනු පානකරනු නස්නකරනු උණ හිස වෙව්ලුම නැහයෙන්ලේ යනවට දත්කකියනවට දත්මුල ලේ ගලනවට ඉස කසනවට සියලුපීනස අැසකදුලු ගලනවට කැක්කුම් කබ අැදිරියට හිනපේනවට බයවනවට හිසකේ මෝරන රලුවනවාට තොල්වෙව්ලුම වැනි නන්දෙඩවිලි වලට ඉතාම හොද වට්ටොරැක් අකෂිහරනාදී තෙෙලය. සරස්වතී තෙෙලයේ කොල්ලන්කොල යුෂනැලියයි බුහමාල යුෂ නැලියයි.නාගවලලි නැලියයි සතුරැසම්මැට්ටිය නැලියයි,නිදිකුම්බා නැලියයි ලෙස තෙෙලය සිදවන්න පටන්ගන්නේය . .බොහෝ තැන්වල කල්ක ලෙස කොල්ලන් කොළ යෙදේ. බ්රහ්ම සරස්වතියේ හා ශුිලන්කේෂ්වරයේත් ගඩුසීලන්ද්ර තෙෙලරාජයාගෙත් යෙදෙන්නේ කල්කයට යොදා පැසවන ඔසු වලටය.

1114