පිළිකා

  • 0
  • 1 year ago
  • Views : 300
  • ID : #7332

Description

? පිළිකාව ගැන අදහස් කිහිපයක්..මත දැක්ව්මක් පමනි... _______________________________ 1. පිළිකා අවදානම සහිත ර‌ෝගීන් හඳුනා ගැනීම 1.1 ජන්ම පත්‍රය ( කේන්දරය ) මඟින් පිළිකා අවදානම සහිත ර‌ෝගීන් හඳුනා ගැනීමට දල දැනුමක් ජන්ම පත්‍රය අපට සපය යි. යම්කිසි ජන්මියෙකු ගේ ජන්මපත්‍රය‌ේ කුජ ශනි එක් ව සිටීම, කුජ සහ ‌රාහු එක් ව සිටීම ආදී පිහිටීම් මීට උදාහරණ වනවා. කුජ ශනි මෙන් ම යුරේනස් හෝ නෙප්චුන් හතර වැන්න‌ේ පිහිටන කාන්තාවන්ට පියයුරු පිළිකා සම්බන්ධ අවදානමක් තිබෙනවා. මේ ආදී ලෙස පිළිකාවක් සෑදීමට ඉඩ ඇති ස්ථාන ජන්ම පත්‍රය ආශ්‍රයෙන් කිව හැකි යි. නව වැන්න‌ේ කේතු නීච ව සිටීම, නව වැන්නේ කුජ නීච ව සිටීම ආදිය ලේ පිළිකා පිළිබඳ ව යම් නිවේදනයක් කරනවා . යම් අයෙක් උපත ලබන විට රවි අටේ සිටී නම් එවැනි අයට තරුණ කාලයේදී ම පිළිකා වැළඳීමේ අවදානමක් තියෙන්න පුලුවන්. නමුත් මේ පිහිටීම් පිහිටා ඇති ආකාරය පිළිබඳ ව සියුම් ව පරීක්ෂා කළ යුතු යි. දශා තත්වය, ග්‍රහයා ගේ ස්වභාවය, නැකත ආදී කාරණා ද ගලපා ගැනීමට දන්නා වෛද්‍යය දැනුමද සහිතව ජ්‍යොතිෂය පිළිබඳ ව පළපුරුද්දක් ඇති අයෙක් ට පහසුවෙන් පිළිකාවක් හඳුනා ගත හැකි යි. 1.2 විශ්ව ශක්තිය මඟින් ඔබ විශ්ව ශක්තිය මඟින් ර‌ෝගීන් සුවපත් කිරීමට උත්සාහ දරන ආධුනිකයෙක් නම් සුව කිරීමේදී යම් ස්ථානයක ඔබට තදින් ම කටු ඇනන්නාක් මෙන් දැනේ නම් එය බොහෝ විට පිළිකා තත්වයක් වනවා. ඔබ ඒ හා සමඟ භාවනාවෙන් මනසට පණිවිඩය ගත හැකි මට්ටමට දියුණු වී ඇත්නම් පිළිකා ර‌ෝගියාව පරීක්ෂා කිරීමේදී මනසට රතු පැහැ ගැටිති ආදිය දැනෙනවා. ඔබ ට මනෝරූප කලාව ප්‍රගුණ කර ගත හැකි නම් පසු කාලයක ඉතා ම ඉක්මනින් පිළිකාව හඳුනා ගත හැකි මට්ටමට පැමිණිය හැකි යි. 1.3 නාඩි පරීක්ෂාව මඟින් ආධුනික ඔබ දබරැඟිල්ලෙන් ගත් වාත නාඩිය සර්පයෙක් වේගයෙන් යන්නාක් මෙන් වක්‍ර ව ගලා යන්නේ ද මැඳගිල්ලෙන් ගත් පිත් නාඩිය සිර වෙමින් ගමන් කරයි ද එවැනි රෝගීන් ට පිළිකා අවදානම පවතිනවා. 1.4 අතිරේක කරුණු දේශීය වෙෙද්‍යවරුන් තමා වෙත රෝගියා ගෙන එන බුලත් අත නිමිති ක්‍රමයක් ලෙස භාවිතා කරනවා. මෙය බටහිර රටවල සිදු කරන කාඩ්පත් කියවීමට සමාන යි. පළපුරුදු වෙෙද්‍යවරයෙකු ට බුලත් අත දුටු විට පිළිකා රෝගියා හඳුනා ගත හැකි යි. රෝග පරීක්ෂාව සඳහා භාවිතා වන තවත් පාර භෞතික ක්‍රම පවතිනවා. කර්ණමුන්ඩය වැනි එවැනි ක්‍රම ආධුනිකයන් භාවිතා කිරීමට ඇති ඉඩ අඩු නිසා එවැනි ක්‍රම පිළිබඳ ව වැඩි යමක් සඳහන් කිරීම මෙම කෙටි ලිපියට වැදගත් වන්නේ නෑ. 1.5 සැලකිය යුතුයි දේශීය වෛද්‍යවරුන් ට පිළිකාවක් ඉතා ම මූලික ම අවස්ථාවේ පවා හඳුනා ගත හැකි යි. මෙම මූලික ම අවස්ථා යන්ත්‍රයකින් හඳුනා ගැනීමට අපහසු තරම් සියුම්. මේ නිසා යම් දේශීය වෛද්‍යවරයෙක් පිළිකාවක ලක්ෂණ පවතී යැයි හඳුනා ගතහොත් ඉතා ම සැලකිල්ලෙන් ඒ ගැන අවධානය යොමු කළ යුතුයි. මා දන්නා ගම්පහ එක් ගම්මානයකට සති අන්තයේ නාඩි ‌බලා වෙදකම් කරන ගැමි වෙද මහත්මයෙක් පැමිණියා. ඔහු එම ගම්මානයේ රෝගීන් කිහිප දෙනෙකුට ම පිළිකා ඇති බව කීවා. ඔවුන් බටහිර වෛද්‍යය පරීක්ෂණවලට යොමු ව පිළිකා නැතැයි තහවුරු කර ගෙන පැමිණ වෙද මහත්මා ට බැන වැදුනා. කලකිරුණු වෙද මහත්මා නැවත ඒ ගම‌ට ආවේ නෑ. මේ වන විට සිද්ධියට වසරක් පමණ වනවා. මේ වෙද්දී පෙර කී සියලු ම රෝගීන් ගේ පිළිකා මතු ව තිබෙනවා. ______________________________ 2. පිළිකාව සඳහා සරල ප්‍රතිකාර තිබේ ද ? පිළිකා ර‌ෝගය සඳහා කිසියම් පුද්ගලයෙක් සරල ප්‍රතිකාර ඇති බව පවසනවා නම් මා එය පිළි ගන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් මා දන්නා එක්තරා දේශීය වෛද්‍යයවරයෙක් යැයි තමා ව හඳුන්වා ගන්නා දුර බැහැර පළාතක ගැමියෙක් පිළිකාවට ප්‍රතිකාරයක් වශයෙන් තෙල් බෝතලයක් දෙනවා. අද වන විට රුපියල් විසි පන්දහසකට පමණ අලෙවි වන මේ තෙල් බෝතලය දිනපතා පානය කළ යුතු යි. එම කාලය තුළ ලුණු දමා කෑම ගැනීම තහනම් වනවා. බ‌ොහ‌ෝ පිළිකා ර‌ෝග සඳහා සටන් වැදීමට ශරීරයට ලුණු අනිවාර්යයෙන් අවශ්‍යයයි. එවැනි පසුබිමක මෙවැනි සැබෑ දැනුමින් තොර පුද්ගලයන් නිසා ර‌ෝගියා ගේ මරණය ඉක්මන් වනවා. බටහිර වෛද්‍යවරයා ගේ පරිශ්‍රමයට ද බාධා පැමිණෙනවා. මෙවැනි සරල පිළියම් මඟින් පිළිකා රෝගය සුව කරන බවට පවසන පුද්ගලයන් පිළිකාව නැමැති බරපතළ රෝගයේ දිග පළල දන්නවා යැයි සිතීමත් අපහසුයි. හතරවන අදියරේ පිළිකා පවා මාසයකින් දෙකකින් සුව කළ හැකි ය වැනි ප්‍රකාශ සිදු කරන පුද්ගලයින් මා දැක තිබෙනවා. ඇතැම් අය මෙවැනි දැන්වීම් පවා පළ කරනවා. එවැනි පුද්ගලයන්ගෙන් පරිස්සම් වීම රෝගීන් ගේ කාර්යයක්.එසේම පෙනහළු පිළිකා නව්න ව්ද්‍යාත්මක පරික්ෂණ මගින් හෝ හදුනා ගැනිම ඉතා අපහසු වෙනවා.මන්ද පෙනහළු දැල් ආකාර ස්වභාව යක් ගන්නා අතර පිළිකාව ද ඒ අයුරින් තම ව්සිරිම සිදු කරයි. ______________________________ 3. පිළිකා සෑදෙන්නේ ඇයි ? පිළිකා සෑදීම සම්බන්ධයෙන් අප්‍රකට කරුණු කිහිපයක් ඔබ හා බෙදා හදා ගත යුතු යි. මා නිරීක්ෂණය කර ඇති ආකාරයට මා දැක ඇති සෑම පිළිකා ර‌ෝගියෙකුට ම පොදුවේ ස්නායු පද්ධතියේ දුර්වලතා තිබුනා. මේ නිසා පිළිකාව සඳහා සමගාමීව ප්‍රතිකාර කිරීමේදී මා රෝගියාගේ ස්නායු පද්ධතිය පෝෂණය කිරීම පිළිබඳව සැලකිලිමත් වනවා. කෘතිම රසකාරක අඩංගු ආහාරපාන මඟින් අපග‌ේ ස්නායු දුර්වල කරනවා. මෙය කුඩා දරුවන්ට බෙහෙවින් බලපානවා. මීට අමතර ව තික්ත රස සහ කසට රස එළවළු පළතුරු සහ පළා වර්ග අනුභව නොකිරීම ද පිළිකා වැළඳීමට හේතු වන බව පේනවා. මාදං, උගුරැස්ස වැනි පළතුරු අනුභවය මඟින් පිළිකා අවදානම යම් මට්ටමකට වළක්වා ගත හැකි යි. මීට අමතරව පිළිකා සෑදීමට ප්‍රධාන හේතුවක් වන්නේ මස් මාංශ සහ තෙල් බැදුම් අධිකතරව අනුභවයයි. මෙවැනි ආහාර හරහා සිරුර තුළ නිපදවෙන මුක්ත ඛණ්ඩ පිළිකා සඳහා සෘජු හ‌ේතුවක් වනවා. පිළිකා වැළඳීමට හේතු ගණනාවක් තියෙනවා. මේ මා සඳහන් කර ඇත්තේ යම් අප්‍රකට සහ අපට වළක්වා ගත හැකි යම් කාරණා කිහිපයක් පමණයි. ______________________________ 4. පිළිකාව සඳහා සමගාමී ප්‍රතිකාරයන් හි අවශ්‍යයතාවය දැනට පිළිකාව සඳහා භාවිතා වන කීමෝ ප්‍රතිකාරය‌ේ ඇති ප්‍රධාන දුර්වලතාවය නම් එමඟින් ‌පිළිකා සෛල තවදුරටත් පැතිරෙන බවට නැවත නැවත පර්ය‌ේෂණ මඟින් තහවුරු වීමයි. කීමෝ ප්‍රතිකාරයෙන් අනතුරු ව සුව වී ඇති බවට සැලකෙන රෝගීන් ට වසර කිහිපයකට පසු ව දැඩි පැතිරීමක් සහිතව පිළිකාව නැවත මතු වීම නිතර දැකිය හැකි තත්වයක්. මෙම දෙවන අවස්ථාවේ මතු වන පිළිකාවට ප්‍රතිකාර කිරීම පහසු නැහැ. මෙවැනි රෝගීන් ගණනාවක් සමඟ කටයුතු කරන්නට මට අවස්ථාව හිමිව තියෙනවා. මාගේ ප‌ෞද්ගලික අදහස සහ අත්දැකීම වන්නේ කීමෝ ප්‍රතිකාරය සමඟ ම සමගාමී විකල්ප ප්‍රතිකාර ක්‍රම ද භාවිතා කිරීම ප්‍රතිඵලදායක බව යි. කීම‌ෝ ප්‍රතිකාරය සමඟ දුර්වල වන ශරීරයක අභ්‍යන්තර අවයව දුර්වල වීම ද ඒ සමඟ පිළිකා සෛල මින් පෙර ‌න‌ොපැතිරුණු කලාප කරා පැතිරීම ද මේ වන විට ලෝකයේ සෑම දියුණු රටක ම පවා අවධානය යොමු වී පවතින කාරණාවක්. නමුත් අවාසනාවට ලංකාව වැනි රටවල එවැනි දේ පිළිබඳ ව කතා කරන්නේ හෝ නැහැ. මා දන්නා ලංකාවේ ප්‍රමුඛතම පිළිකා පිළිබඳ ව වෙෙද්‍යවරයෙක් නොසැලකිල්ල නිසා කිමෝ මාත්‍රාව සැලසුම් ගත ප්‍රමාණයට වඩා අවස්ථා ගණනාවකදී වැඩියෙන් ලබා දෙනු මා දැක තිබෙනවා. මෙවැනි අවස්ථාවල අභ්‍යයන්තර අවයව සඳහා සිදු වන හානිය පිළිබඳව රෝගීන් ට නිසි අදහසක් නැහැ. මහරගම පිළිකා රෝහල අසල ශාන්ත සෙවන නිවාසයෙහි ඔබ මදක් ඇව්ද බැලුවහොත් මෙය වටහා ගත හැකි වනු ඇත. මඤ්ඤොක්කා පානය, කටුපිළ කැඳ වැනි ප්‍රසිද්ධ විකල්ප භාවිතයන්ට වඩා ද‌ේශීය වෙදකම තුළ භාවිතා වූ ද වර්තමානය‌ේ ප‌ොදුවේ පිළිකා ර‌ෝගය සඳහා භාවිතා කළ හැකි අගනා ඖෂධ තිබෙනවා. එවැනි ඖෂධ මඟින් පෙර සඳහන් කළ පිළිකා සෛල පැතිරීම පාලනය කළ හැකි යි. අභ්‍යන්තර අවයව වලට සිදු වන හානියට ද පිලියමක් ලෙස අතිශයින් සාර්ථක ව දේශීය ඖෂධ භාවිතා කළ හැකි යි. _______________________________ 5. සමගාමී දේශීය ඖෂධ ප්‍රතිකාරය බටහිර රසායනික ඖෂධ සමඟ ගැටේ ද ? බටහිර ඖෂධ මාෆියාවේ ප්‍රචාරණ කලාවට හසුව සිටින අය සිතන්නේ දේශීය බෙහෙත් මඟින් වකුගඩු සහ අක්මාව ආදියට හානි වන බවයි. එසේ ම ඔවුන් බටහිර සහ ද‌ේශීය ප්‍රතිකාර එක් ව ගැනීම න‌ොකළ යුතු බව සිතනවා. දේශීය ඖෂධ වෛද්‍යය උපදෙස් අනුව ගන්න‌ේ නම් කිසිදු ආකාරයකින් වකුගඩු වලට හ‌ෝ අක්මාවට බලපෑමක් වන්නේ නෑ. ස්වභාවික ඖෂධ මඟින් සිදු කරන දේශීය පිළියම් ශරීරය භාර ගන්නේ ආහාරයක් හැටියට යි. ඒව‌ා රෝග මූල සඳහා සාර්ථක පිළියමක් වන අතර ම අතුරු ආබාධ අතින් අවම වනවා. මේ නිසා පළපුරුදු දේශීය වෙෙද්‍යවරයෙක් නොගැටී බෙහෙත් කරන හැටි දන්නවා. _______________________________ 6. පිළිකා සඳහා උසස් පාරභෞතික පිළියම් තිබ්බතීය වෛද්‍යය භික්ෂූන් වහන්සේ ට පුරාණ කාලය‌ේ මුහුණ දෙන්නට වූ ප්‍රධාන ගැටලුවක් නම් ඖෂධ හිඟයයි. මේ නිසා උන්වහන්සේ ප්‍රතිකාර සඳහා විවිධ පාරභෞතික පිළියම් භාවිතා කළා. ඒ අතරින් වැඩි දෙනෙක් නොදන්නා කාරණාවක් තිබෙනවා. එනම් ශක්ති ශරීරය‌ේ අවයව බද්ධ කිරීම් සඳහා හැකියාවක් තිබීම යි. මූලික ව දුර්වල වෙමින් පවතින අවයවයන් හි මෙම පිළියම අතිශයින් සාර්ථක එකක්. ලංකාවේ ද අප්‍රකට නමුත් මෙවැනි පිළියම් අදටත් සිදු කෙරෙනවා. _______________________________ 7. පිළිකා සඳහා සමගාමී ද‌ේශීය ඖෂධ භාවිතය පිළිකා ර‌ෝගීන් සඳහා පොදුවේ භාවිතා කළ හැකි දේශීය ඖෂධ මෙන් ම ඒ ඒ පිළිකා තත්වයන් සඳහා භාවිතා කළ හැකි සාර්ථක දේශීය ඖෂධ ද තිබෙනවා. පිළිකාවේ ඔ්නෑම අවස්ථාවක් සඳහා පොදුවේ භාවිතා කළ හැකි ඖෂධ අතරින් මා භාවිතා කර ඇති සාර්ථක ම ඖෂධයක් නම් වැල් දෙහි චූර්ණය යි. එහි වට්ටෝරුව පහතින් දක්වන්නම්. චීන අල රාත්තල් එකයි, සාදික්කා කලං අටයි, ගම්මිරිස් කලං හයයි, වියළි ඉඟුරු කලං පහයි, වියළා ගත් සපු කැකුළු කලං පහයි, කරාබු මල් සහ වසාවාසි කලං හතර බැගින්, තිරිඟු සහල්, කළුදුරු, වැල් දෙහි මුල්, රසකිඳ, ගල් කූර මුල්, ක‌ොරසානි, මාසක්කා, කොට්ටන්, වැල්මී සහ කුරිඤ්ඤං මුල් කලං තුන බැගින් වේ. මේ සියල්ල වියළා හොඳින් කුඩු කර මිශ්‍ර කර ගත යුතු යි. මෙය ඉතා සංවේදී ඖෂධයක් බැවින් වීදුරු බෝතලයක බහා ශීතකරණයේ තැබීම වඩාත් සුදුසු යි. මෙම ඖෂධය භාවිතා කරන කාලය තුළ සර්වවිෂාදී තෙල් හෝ එම තෙල් සපයා ගත නොහැකි නම් තල තෙල් හ‌ෝ යොදා ර‌ෝගියාට තෙල් සාත්තුවක් ද කරන්නේ නම් ඉතා හොඳයි. ( නමුත් විකිරණප්‍රතිකාරය සිදු කරන ර‌ෝගීන්ට තෙල් ගැල්වීම අපත්‍යය වේ. ) මෙම ඖෂධය භාවිතා කරන කාලය තුළ විනාකිරි භාවිතය සුදුසු නොවන අතර මුල් සතිය තුළ හැකිතාක් දෙහි ඇඹුලින් ද වැළකිය යුතු වනවා. මෙම ඖෂධය ලේ පිළිකා සඳහා ද සාර්ථක ව යෙදිය හැකි යි. මීට අමතරව අතිශයින් සාර්ථකව පොදුවේ භාවිතා කළ හැකි ඖෂධ අතර නිර්ගුණ්ඩි ලශුනං සීග්‍රැ කෂාය ආදිය ඉහළින් ම තියෙනවා. නික, සුදුළූණු, මුරුංගා මල් ආදිය ඇතුළත් මෙම ඖෂධය මාහැඟි ඔසුවක්. එහි වේදනා නාශක ගුණයක් ද සහිතයි. ස්නායු පද්ධතිය නැවත සකස් කිරීමේ අත්දුටු හැකියාවක් ද එයට තිබෙනවා. පිළිකා රෝගයේ ස්වභාවය සහ රෝගියාගේ වයස අනුව යෙදිය හැකි වට්ටෝරු ගණනාවක් දේශීය වෙදකම තුළ තිබෙනවා. කහ, නෙල්ලි, සුදු ළූණු, කොහොඹ වැනි ඔසු පිළිකා සඳහා සාර්ථකව යොදා ගත හැකි යි. මීට අමතරව ස්වාභාවික ව රැස් කර ගන්නා විවිධ මී පැණි වර්ග ද සාර්ථක ව යොදා ගත හැකි වනවා. පිළිකාව සඳහා ප්‍රතිකාර කිරීමේදී ය‌ොදා ගත හැකි කෙණ්ඩාපෙරළුම්හර තෙල්, උළුවා තෙල්, මහා නාරායණ තෙල්, අශ්වගන්ධ තෙල්, ලශුනේරණ්ඩ තෙල් , ශූලහර තෙල් , සර්වවිෂාදී තෙල් සහ ලාක්ෂාදී ලේපය වැනි තෙල් සහ පත්තු වර්ග රාශියක් දේශීය වශයෙන් පවතිනවා. _______________________________ 8. ප්‍රාය‌ෝගික භාවිත සඳහා උදාහරණ කිහිපයක් _______________________________ 9. පිළිකා අවදානමින් මිදෙන්නට නම් පිළිකා අවදානම ඉදිරියට තව දුරටත් වර්ධනය වනු ඇති. දැනට පවතින වාර්තා අනුව වැඩිම පිළිකා රෝගීන් වාර්තා වන්නේ ඔ්ස්ට්‍රේලියාවෙන්. ඉන්පසුව නවසීලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, බ්‍රිතාන්‍යය , කැනඩාව, පින්ලන්තය වගේ දියුණු යැයි සම්මත සියලුම රටවල් මේ ලැයිස්තුවේ මුල් තැන් හිමි කර ගෙන ඉන්නවා. මා කියවා ඇති එක ලිපියක ඉදිරියට සෑම ඇමරිකානුවන් තුන් දෙනෙකුගෙන් එක් අයෙකුට පිළිකා අවදානමක් ඇති වනු ඇතැයි පුරෝකථනය කර තිබුනා. පිළිකා නිසා සිදු වන මරණ අතින් ම

1114