පාර්කින්සන්

  • 0
  • 1 year ago
  • Views : 797
  • ID : #6931

Description

? බස් රියැදුරෙක් වන එක් රෝගියෙක් පිලිබද ගතහොත් . ඔහු බර වාහන රියැදුරු බලපත්‍රයට නියමිත වෛද්‍යය පරීක්ෂණය අසමත් වෙලා තිබුනා. ඒ ස්නායු ආබාධයක් හේතුවෙන්. නමුත් ඔහු තවමත් සුපුරුදු පරිදි බස් රථය ධාවනය කරනවා. මැදි විය ඉක්මවා සිටි මේ රෝගියා බස් රථය පදවන විට පාදයක් සිර වන බව ද. ඔහු ගේ සියුම් වෙව්ලීමක් ද දක්නට ඇත. මෙවැනි ර‌ෝගීන් බටහිර වෛද්‍යය විද්‍යාව තුළ පාකින්සන් රෝගීන් යැයි සරලව හඳුන්වනවා. 1817 මේ ර‌ෝගය පිළිබඳව කටයුතු කළ ජේම්ස් පාර්කින්සන් ට ගෞරවයක් වශයෙන් පාකින්සන් ගේ රෝගය යනුවෙන් හැඳින්වූවත් රෝගය ’ පැරලිසිස් ඇජිටන්ස් ’ ( paralysis agitans ) යැයි ප්‍රධාන ධාරාවේදී හඳුන්වනවා. මිනිස් මොළය තුළ ඩොපමීන් නිපදවීම අඩාල වීම රෝගයට හේතුව යැයි දැනට බටහිර වෛද්‍ය විද්‍යාව තුළ සලකනවා. නමුත් රෝගය කලමනාකරණය හැර සුව කිරීමක් පිළිබඳ ව අදහසක් ඔවුන්ට නැහැ. අනාගතය තුළ මොළයේ දිරාපත් වූ සෛල වෙනුවට නව සෛල යොදා පාකින්සන් රෝගීන් සුවපත් කිරීමේ ක්‍රමයක් පිළිබඳ ව මේ දිනවල බටහිර රටවල පර්ය‌ේෂණ පැවැත්වෙනවා. බොහෝ රෝගීන්ට කල් යත් ම බටහිර ඖෂධ ඇඟට හුරු වන නිසා රෝගියා ඖෂධ ලබා ගත්ත ද සංකූලතා පවතිනවා. අත් පා එහා මෙහා තමා ගේ පාලනයකින් තොරව චලනය වීම ආදිය මීට ඇතුලත්. මුල් අවස්ථාවේදී ම පිටතින් ඩොපමීන් ලබා නොදී රෝගියා දේශීය ප්‍රතිකාර වෙත යොමු කරන්නේ නම් සැලකිය යුතු උපකාරයක් මේ රෝගීන් සඳහා දේශීය වෛද්‍යවරුන් ට සිදු කළ හැකි යි. _______________________________ රෝගියා හඳුනා ගැනීම පළපුරුදු ද‌ේශීය වෛද්‍යවරුන් ට මෙම රෝගීන් මුල් අවස්ථාවේදී ම පහසුවෙන් හඳුනා ගත හැකි යි. කිසිදු ර‌ෝග ලක්ෂණයක් නොපෙන්වන කාලයේදී පවා ආධ්‍යාත්මික වෙදකම ප්‍රගුණ කළ ද‌ේශීය වෛද්‍යයවරුන් පහසුවෙන් මේ රෝගීන් හඳුනා‌ ගන්නවා. දැනට බටහිර පවා මුල් අවස්ථාවේදී සාර්ථක ව රෝගීන් හඳුනා ගැනීමට අපහසුයි. බොහෝ පාකින්සන් රෝගීන් ගේ ජන්මපත්‍රයෙහි කේතු පළමුවැන්නෙහි තැන්පත් ව තිබීමත් සැලකිය යුතු යි. ආයුර්වේදයේ මූලග්‍රන්ථයක් වන චරකසංහිතාවේ චිකිත්සාස්ථානයේ විසි අටවන අධ්‍යායේ වාත ව්‍යාධි ස්ථානයේ ශ්ල‌ෝක මඟින් මේ රෝගය ද විවරණය වන බව ද දැක්ව්‍ ය හැක _______________________________ රෝගීන් ගේ ලක්ෂණ මුල් අවස්ථාවේදී රෝගීන් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නෑ. ‌සියුම් උදාසීන බවක් පමණක් දැකිය හැකි යි. පසු ව සියුම් වෙව්ලීමක් හෝ අත් පා තමා ට අවශ්‍යය පරිදි පාලනය කර ගත නොහැකි බවක් රෝගියා ට දැනෙනවා. කණගාටුදායක ම තත්වය නම් කල් යත් ම අත් පා තදින් ම සිර වෙන්නාක් මෙන් ද අත් පා ගල් වන්නාක් මෙන් ද රෝගියා ට දැනීම යි. ආධ්‍යාත්මික වෙදකම ප්‍රගුණ කර ඇති වෛද්‍යවරයෙකු ට රෝගියා ට එම වේදනාව දැනෙන ආකාරය අත්විඳ බැලිය හැකි වනවා. ඇත්තෙන් ම එය දැරිය නොහැකි තරම් වේදනාවක්. ______________________________ දේශීය ප්‍රතිකාරය මූලිකව රෝගියා තෙල් ගල්වමින් මෘදු කළ යුතු වනවා. තෙල් බැඳ තැබීම ද කළ යුතු යි. මෙවැනි පූර්ණ තෙල් සාත්තුවක් සඳහා පැය හයක් පමණ ගත යුතු යි. මේ සඳහා මහානාරායණ, ක්ෂීරබලා, භෘංගාමලක සහ ඇතැම් අවස්ථාවල ලෝකනාථ ද මහාමාෂ ද තෙල් යොදා ගත යුතු වනවා. අශ්වගන්ධ තෙල් ද යොදා ගැනීමට සිදු වන අවස්ථා තිබෙනවා. කණස්සලු ස්වභාවයෙන් සිටින රෝගීන් හට භෘංගාමලක හිස බැඳ තැබීම ද බින්දු තුනක් පමණ වන්නට දමා ක්ෂීරබලා තෙලින් නස්‍යය කිරීම ද කළ යුතු යි. නස්‍යය ට පෙර දින ඉතා ම පිරිසිදු තල තෙල් තේ හැඳි දෙකක් පමණ රෝගියා ‌ට පෙවීම ද සිදු කළ යුතු අවස්ථා වනවා. ( අද වන විට මේ මට්ටමේ තල තෙල් ලංකාව තුළ මිල දී ගැනීමට නැති නිසා ‌විද‌ේශයකින් ගෙන්වා ගැනීමට රෝගියා දැනුවත් කරන්න. ) _______________________________ මෙම රෝගය සඳහා අතීත සෘෂීන් නකුල තෙල නිසැක පිළියමක් ලෙස සලකා තියෙනවා. නකුල තෙල පිළිබඳව වට්ට‌ෝරුව පහතින් දක්වන්නම්. එරඬු තෙල්, නකුල ( මුගටි ) මාංශ, දශමූල, විනාකිරි, දී පෙරළි දිය ( මිදුණු කිරෙන් පෙරා ගත් වතුර ) නැලි දෙක බැගින් ගත යුතු යි. වැල් මී, සූදුරු, රාස්නා, සවිඳ ලුණු, සතකුප්ප, අසමෝදගම්, ගම්මිරිස්, කොට්ටන්, වළඟසාල්, ගජතිප්පිලි, සුවස ලුණු, අසමෝදගම්, බැබිල මුල්, තිප්පිලි මුල්, හරංකහ, ශිලාජතු, ජටාමාංස යන මේවා කලං තුන බැගින් වෙන වෙනම අඹරා චූර්ණ කර කල්කය ට යෙදිය යුතු යි. ඉන්පසු ව තෙල් සිඳ වරකට කලං දෙකක් පමණ පානය ට සුදුසු යි. මීට අමතර ව වෘහත්ඡාගල්‍යාදී ඝෘතය ද පානය සඳහා සුදුසු යි. කෂාය වශයෙන් දශමූල කෂාය යෙදීමත් ස්වර්ණ ඝටිත මකරධ්වජය හෝ ස්වර්ණ මිශ්‍ර මකරධ්වජය දීම ද සුදුසු යි. ______________________________ වැදගත් ම කරුණු පාර්කින්සන් රෝගියකු හඳුනා ගත් පසු ව හැකි ඉක්මනින් ඔහු ව ශාරීරික ක්‍රියාකාරකම් සඳහා යොමු කළ යුතු වනවා. ශාරීරික ව්‍යායාමය වැඩි වන තරමට ඔහු ට සුවපත් ව සිටීමට අවශ්‍යය පසුබිම සකස් වනවා. වඩාත් ම වැදගත් කරුණ වන්න‌ේ පාකින්සන් ර‌ෝගීන් සතුටින් සහ මානසික සැහැල්ලුව යන්නෙහි උපරිම තලයක තැබීමට ඥාතීන් කටයුතු කළ යුතු වීම යි. මා දන්නා අසාධ්‍යය ව සිටි ර‌ෝගීන් පවා ද‌ේශීය ප්‍රතිකාරයෙන් පසු සාමාන්‍යය පරිදි කටයුතු කිරීමට හැකි තත්වයකට එළඹෙන්නට මේ තත්වය හ‌ේතු වී තිබෙනවා. මානසික සතුට සහිත පරිසරයක ජීවත් වන ර‌ෝගියෙකු ව මාස හයක් වැනි කාලයක් තුළ බොහ‌ෝ අපහසුතාවලින් වළක්වා සුවයක් ගෙන දීමට ද‌ේශීය පිළියම් සමත් වනවා. බටහිර ඖෂධ ලබා ගත් හ‌ෝ ලබා ගන්නා රෝගීන් සම්බන්ධයෙන් මේ තත්වය මඳක් වෙනස් විය හැකි යි. පළපුරුදු ද‌ේශීය වෛද්‍යවරුන් මේ සඳහා අනුක්‍රමයෙන් එම ඖෂධ අඩු කරමින් ප්‍රතිකාර කරන්නට දන්නවා. ද‌ේශීය පිළියම් මඟින් සාර්ථක ව ප්‍රතිකාර කළ හැකි තත්වයක් තිබිය දී අප‌ේ ලාංකිකයන් මෙවැනි ර‌ෝග වලින් පීඩා විඳීම සැබැවින් ම කණගාටුවට කරුණක්.

1114