පොතු කබර

  • 0
  • 1 year ago
  • Views : 833
  • ID : #7510

Description

? පොතු කබර ප‌ොතු කබර කියන්න‌ේ ඒක වැළඳුණු ර‌ෝගීන් හරි ම අපහසුතාවයට පත් වන ර‌ෝගයක්. මානසික ව කෙනෙක් ව බිමට ඇදලා දාන ර‌ෝගයක්. නමුත් මේ රෝගය සඳහා ද සුදු කබර වලට වගේ ම සාර්ථක දේශීය පිළියම් තියෙනවා. _______________________________ පොතු කබර හඳුනා ගැනීම ආයුර්වේද ග්‍රන්ථවල කිටිභ යනුවෙන් ද ඉංග්‍රීසි භාෂාවෙන් psoriasis ද යනුවෙන් හඳුන්වන මෙම රෝගයට ජානමය බලපෑමක් පවතිනවා. ඇතැම් පරම්පරාවලදී පිටතට නොපෙන්වන රෝගය ඇතැම් පරම්පරාවකදී පිටතට එනවා. දියර ගලන්න‌ේ නැති කැසීමේදී සියුම් ව කුඩු හැලෙන කුෂ්ට ර‌ෝගයක් වන පොතු කබර ඇතැම් අය හිසට ප්‍රද‌ේශයේ ප්‍රකට ව පෙනෙන කාලයේ දී හිස්සොරි යනුවෙන් ද වරදවා ගන්නවා. ර‌ෝගීන් ග‌ේ නියපොතු වල දික් අතට ඉරි මතු වීම ද දැකි ය හැකි යි. ඇතැම් ර‌ෝගීන් ගේ සමේ කිසිදු වෙනසක් සිදු නොවී නියපොතු වල පමණක් මුල් අවස්ථාවේදී රෝග ලක්ෂණ පහළ වනවා. යම් රෝගීන් ප්‍රමාණයකට මේ රෝගය සන්ධි ප්‍රදාහයක් දක්වා ම දුර යනවා. වාසනාවකට ඒ මට්ටමට පවා ද‌ේශීය ප්‍රතිකාර පවතිනවා. _______________________________ ග්‍රහ පිහිටීම් බොහෝ ‌පොතු කබර ර‌ෝගීන් ගේ ජන්ම පත්‍රයෙහි කුජ හ‌ෝ රවි අට වැන්න‌ේ තැන්පත් වීම දැකිය හැකි වී තිබෙනවා. බහුතරයක් ර‌ෝගීන් ගේ රවි කුජ ය‌ෝගය ද දැකිය හැකි වනවා. මෙම රෝගීන් ගේ ද සමස්තයක් ලෙස අක්මාව සහ ඇට මිදුළු දුර්වල බව නිවේදනය කරන ග්‍රහ පිහිටීම් ජන්මපත්‍රය තුළින් දැකිය හැකි යි. කුජ ශනි තුන්වැන්න‌ේ තැන්පත් වීම, කුජ සහ කේතු හය වැන්න‌ේ තැන්පත් වීම, කුජ සමඟ හයවැන්නාධිපති තැන්පත් වීම මෙන් ම බුද ක‌ේතු සංය‌ෝගය ද මා මෙම ර‌ෝගීන් ග‌ේ දැක තිබෙනවා. _______________________________ ප්‍රතිකාර ආරම්භ කිරීම රෝගය චර්ම රෝගයක් නිසා පළමුව කලබලයෙන් රෝගියා විරේක නොකල යුතුය . නොගැලපෙන විරේකයක් තුළින් කුෂ්ට රෝග උත්සන්න වන්නට ද හැකි යි. මේ රෝගීන් බහුතරයක ගේ පොදු ලක්ෂණයක් නම් සියුම් නාඩි පරීක්ෂාවකදී සෙම් නාඩිය‌ේ දුර්වලතාව මනාව පෙනී යාම යි. වාතය කිපීම ද තිබෙනවා. නමුත් මොවුන් ග‌ේ පිත් කිපීමක් නාඩි පරීක්ෂාවට හසු නොවන තරම්. මේ නිසා ඉතා ම සීරුවෙන් කාලය හොඳින් ගෙන පිළියම් කළ යුතු වනවා. උද‌ේ සවස ඉරමුසු මුල්, තිරැස්සවාලු මුල්, වියළි මිදි, වැල් කහඹිලියා මුල්, සෙනෙහෙ කොළ, කටුකරෝසන, අරළු, කොහ‌ොඹ පොතු, වියළි කහ, වෙනිවැල් ගැට, හීන නෙරෙංචි, ආඩත‌ෝඩා මුල් කලඳ බැගින් ගෙන කසාය කර දෙවේලට මී පැණියෙන් දෙසතියක් පමණ දීම සෑහෙනවා. ඉන්පසුව පාන්ඨකෂායක් වශයෙන් පහත වට්ට‌ෝරුව භාවිතා කළ හැකි යි. මහ ඉරමුසු, තිරැස්සවාළු, බෙහෙත් මුද්දරප්පලම්, වැල්කහඹිලියා මුල්, සෙනෙහෙ කොළ, කටුකරෝසන, පාවට්ටා මුල්, අරළු, කොහොඹ පොතු, වියළි කහ, වෙනිවැල්ගැට, නෙරෙංචි ඇට මේවා කලඳ බැගින් ගෙන කැබලි සිටින ස‌ේ කොටා වීදුරු බෝතලයකට දමා ගැනීමෙන් දිනපතා උදේ සවස මේස හැඳි දෙකක් කෝපි මෙන් වත් කර පානය කළ හැකි යි අනුපාන වශයෙන් කොහොඹ මලින් ගත් මී පැණි වැනි මී පැණි වර්ගයක් ගන්නේ නම් වඩාත් සුදුසු යි. මේ කෂාය දීර්ඝ කාලයක් වුව ද ගැනීමට යෝග්‍යය ‌වනවා. ප්‍රතිකාරය අතරතුර දිනපතා උද‌ේ රාත්‍රී කෑමට පසු ව කෛශෝර් ගුලි දෙක බැගින් කොහොඹ පොතු වළඟසාල් තැම්බූ වතුරින් පානය කළ යුතු යි. දිනපතා උදේ දහය රෑ දහය වැනි වේලා පරතරයක් තබාගෙන නිම්බාදී චූර්ණය තේ හැන්දක් බැගින් උණු වතුරින් සාදා පානය කිරීම ද හොඳ යි. රාත්‍රී නින්දට පෙර මානිභද්‍ර මෝදකය බටු ගෙඩියක් පමණ අනුභව කර මඳ උණුසුම් වතුර පානය කළ යුතු යි. අමු කහ, කොහොඹ කොළ සහ නිදිකුම්බා තැම්බූ වතුරින් ශරීරය සෝදා සර්වවිෂාදී තෙල් ගැල්වීම හොඳ යි. එම තෙල සපයා ගත නොහැකි නම් තල තෙල් ද හොඳ යි. කුෂ්ටය සුව වන්නට ගත් පසු නිෂාදී තෙල ද භාවිතා කළ හැකි යි. නිෂාදී තෙල ට කුෂ්ටය‌ේ කැලැල් මකාලීමේ ගුණයක් තිබෙනවා. පසු ව වියළි කළු තල සහ මුං ඇට ද වියළි කහ ද බැද කොකුම් පොතු ද එක් කර සිහින් ව චූර්ණ කර තල තෙල් සමඟ මිශ්‍ර කර දිනපතා උදෑසනින් ආලේප කිරීමෙන් සම සාමාන්‍යය තත්වයට ම පත් කර ගත හැකි යි. ______________________________ පසු ප්‍රතිකාර මෙම රෝගීන් නැවත රෝගය මතු නොවන්නට සුව කිරීමට නම් මනස ලිහිල් වීමටත් අක්මාව සුවපත් වීමටත් ඖෂධ යෙදිය යුතු වනවා. විශේෂයෙන් වැටකොළු වැනි එළවළු සහිත ආහාර රටාවක් ද සකසා දිය යුතු වනවා. දින චර්යාව පිළිබඳ ව සැලකිලිමත් වීම ද වැදගත්. පොතු කබර රෝගීන් ගේ පොදු ලක්ෂණයක් නම් ඔවුන් සියලු දෙනා ම අධික මානසික පීඩනයකට ලක් වූ අය වීම යි. සංයම අභ්‍යාස මඟින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය නැවත විධිමත් ව ක්‍රියා කරන තත්වයට පත් කළ හැකි යි. එයින් ර‌ෝගය නැවත මතු වීමත් සන්ධි ප්‍රදාහය දක්වා පැතිරීමත් පාලනය වනවා.

1114