අධ්‍යාත්මික වෙදකම නොහොත් බුද්ධායුර්වේදය

  • 0
  • 1 year ago
  • Views : 631
  • ID : #1589

Description

? ආධ්‍යාත්මික වෙදකම ඔබට වෙලාවක් ඇත්නම් මේ ලිපිය බලන්න. අප සියලු දෙනාට ම වැදගත් යම් කාරණා කිහිපයක් මේ ලිපිය තුළ අප කතා කරනවා. පහුගිය දවසක මගේ සමීප හිතවතෙකු ‌පෞද්ගලික රෝහලකට ඇතුල් කෙරුනේ ප්‍රතිජීවක ඖෂධයක් ආසාත්මික වීම හ‌ේතුවෙන්. ඔහු කලෙක පටන් අක්මාවේ දුර්වලකමකින් ද පෙළුනා. ඒ සම්බන්ධව ඔහු මූලිකව ප්‍රතිකාර ගත්තේ සිංගප්පූරුවේ පිහිටි ප්‍රධාන පෙළේ රෝහලකින්. පෞද්ගලික ර‌ෝහල‌ේ දී ර‌ෝගියා භාරව කටයුතු කළේ කීර්තිමත් මහාචාර්යවරයෙක්. ර‌ෝගියා ඇතුලත් කර ගත් පෞද්ගලික ර‌ෝහල ලබා දුන් ප්‍රධාන ඖෂධය‌ේ මිල පමණක් රුපියල් පණස් හත් දහසක්. එය පිටත රුපියල් දො‌ළොස්දහසක් පමණ වන ඖෂධයක්. රෝගියා ග‌ේ සාමාන්‍යය දෛනික බිල්පත ලක්ෂ එක හමාර පමණ ඉක්මවා ගියා. එය දිනපතා ඥාතීන් ගෙවන්නට කටයුතු කළා. රෝගියා බලන්නට ගිය මට පෙනී ගිය‌ේ ඔහු ග‌ේ වකුගඩු ද දුර්වල වී ඇති බවක්. මා ඔහු ගේ පවුලේ අයට ඒ පිළිබඳ ව දැනුම් දුන්නා. යම් ආකාරයකට රුධිර පීඩනය අඩු වන්නේ නම් වහාම වෛද්‍යවරුන් දැනුවත් කරන ලෙස ද කීවා. ඔහු යම් ආකාරයකට දැඩි අපහසුතාවකින් උන්නා වගේ ම කල්පනාව ද අඩු බවක් තිබුනා. නිතර ම ඔහුට ඈනුම් ගියා. නිතර ඈනුම් යන්නේ මොළයට ඔක්සිජන් සැපයුම මඳ නිසා බැවින් පෙනහළු පිළිබඳව ද එවැනි රෝගියෙකු ගේ අවධානයෙන් සිටිය යුතු යි. ඊට අමතරව එවැනි රෝගියෙකු ගේ වලිප්පු තත්වයක් ඇති වීම නතර කිරීමට ද‌ේශීය වෛද්‍යය ක්‍රමය තුළ ක‌ෝලශ්ල‌ේශ්මා තෙල් වරින් වර තොල් සහ දිව මත ආලේප කරනවා. ජම්බු ගෙඩියක් දෙකට පළා එය කළ හැකි නම් වඩාත් ප්‍රතිඵලදායක යි. මා දුටු වැදගත් ම මීළඟ කාරණය නම් දකුණු පාදය‌ේ සහ වම් අතේ රුධිර සැපයුමේ අඩාල බවක්. මෙය හෘදය අපහසුවෙන් ක්‍රියා කරන බවට පෙර නිමිත්තක් වනවා. මේ නිසා අප එම ස්ථාන හොඳින් පිරිමදින ලෙස ඔවුන් හට කී පසු ඔවුන් එසේ කළා. එම අවස්ථාවේදී රෝගියා ට කල්පනාව පැමිණ ඔහු මා හා ද හොඳින් කතා කළා. ( මා ඔහු ග‌ේ වකුගඩු සඳහා ආධ්‍යාත්මික දුරස්ථ ප්‍රතිකාරයක් කරන්නට ඒ පිළිබඳ ව සුදුසුකම් ලත් සුව සත්කාර කණ්ඩායමක් ඥාතීන් ට හඳුන්වා දුන්නා. ඔවුන් ද ප්‍රතිකාර පටන් ගත්තා. ) රෝහල්ගත කර සිව්වන දිනයේ පමණ රෝගියා ගේ තත්වය යහපත් අතට ආවා. ඒ වෙද්දී ඔහු දින කිහිපයකින් කෑම බීම ගෙන නොතිබුණු නිසා ඔහුට තද කුසගින්නක් දැනී තිබුනා. ඥාතීන් ඔහු ට දෙළුම් ඉස්ම ආදිය ලබා දී තිබුනා. එදින මට ර‌ෝගියා බලන්නට යන්නට අවස්ථාව ලැබුන‌ේ නැහැ. පසුදින උදෑසන ර‌ෝගියා සාමාන්‍යය තත්වයට පැමිණියා. ඔහු තම දරුවන්ට කතා කර දවසේ ව්‍යාපාරික කටයුතු සඳහා ද ඔවුන්‌ට ය‌ොමු වන්නට උපදෙස් දුන්නා. නමුත් එදින දහවල් රෝගියා ගේ තත්වය අයහපත් අතට හැරුණා. හවස් වන විට වෙෙද්‍යවරුන් ගේ අදහස වූයේ රෝගියා ගේ වකුගඩු අක්‍රීය ව ඇති බවක්. පෙර දින ලබා දුන් දියර ප්‍රමාණය වකුගඩුවල ධාරිතාව ඉක්මවා ග‌ොස් ඇති බව ඔවුන් කීවා. ඉන්පසුව බටහිර පෞද්ගලික රෝහලකදී අප අත්දකින සාමාන්‍යය කාරණය වූ ර‌ෝගියා ව වෙනත් රෝහලකට මාරු කර යැවිය යුතු ය යන තීරණය ට ඔවුන් ආවා. ඒ රුධිර කාන්දුකරණය සඳහා යි. මේ ර‌ෝහල‌ේ ප්‍රද‌ේශය‌ේ පවතින හ‌ොඳ ම කාන්දුකරණ උපකරණ කට්ටලය පවතිද්දී ඔවුන් තම ‌නොසැලකිල්ල හ‌ෝ න‌ොහැකියාව වසා ගන්න‌ට එවැනි ය‌ෝජනාවක් ගෙන ආවාදැයි මට සිතුනා. හෘදය යම් පමණකට දුර්වල අයට රුධිර කාන්දුකරණය සිදු කරන්නට තාක්ෂණය තවමත් අප‌ොහ‌ොසත්. නමුත් මේ බව බොහෝ දෙනෙක් දන්න‌ේ නෑ. අපට එදින රෑ වන විට ර‌ෝගියා අහිමි උනා. සැබෑ ද‌ේශීය රෝහලකදී පවා සුවපත් කර නිවසට යැවිය හැකි තත්වයක සිටි රටට වැදගත් උගතෙකු අපට අහිමි වී ගියා. මේ රෝගියා ග‌ේ මරණ ගෙදර ඥාතීන් වැළපුණු ආකාරය ර‌ෝගියා භාරව සිටි වගකිවයුත්තන් කැඳවාගෙන ඇවිත් පෙන්වන්නට තිබුනා නම් යැයි සිතුනා. වකුගඩු පිළිබඳ ව සහ රුධිර පීඩනය පිළිබඳ ව අප මුල සිට දිගින් දිගට ම ර‌ෝහල්කාර්ය මණ්ඩලය දැනුවත් කළ ද ඔවුන් ඒ පිළිබඳ ව කිසිදු තැකීමක් කළේ නෑ. ඔවුන් ඔවුන් ග‌ේ යන්ත්‍ර මඟින් ලබා දෙන පාඨාංක පිළිබඳ ව පමණක් විශ්වාසය තැබුවා. අනෙක් අතට ඔවුන් මිනිස් සිරුරක් ක්‍රියා කරන ආකාරය පිළිබඳ ව සමස්තයක් ලෙස සළකා ක්‍රියා කළේ නෑ. රෝගියා ගේ කුසගින්න පිළිබඳ ගැටලුව ඇති වූය‌ේ ඒ නිසා. පළමු දිනය‌ේදී ම රෝගියා ට අතීසාර තත්වයක් ඇති වූ නිසා ඔවුන් ඒ සඳහා සිදු කළේ රෝගියා ට කිසිදු ආහාරයක් නොදී සිටීම යි. _______________________________ බටහිර ඇලෝපති වෛද්‍යක්‍රමය අද වන විට ලාභ ඉපයීම පමණක් අරමුණු කරගත් මාෆියාවක ඒජන්තකමක් කරනවා විනා ර‌ෝගීන් ග‌ේ යහපැවැත්ම පිළිබඳ ව ඔවුන්ට පවතින සැබෑ උවමනාව කුමක් ද යන්න විමතියක්. මෙය නැවත ආපසු හරවා රෝගීන් ට සාධාරණයක් කළ හැක්කේ ආධ්‍යාත්මිකත්වය වෙෙද්‍යවරු හරිහැටි වටහා ගැනීමෙන්. ආධ්‍යාත්මික වෙදකම සැබෑ ශිෂ්ටාචාරයක එක්තරා ප්‍රතිබිම්බයක් වනවා. අනෙක් අතට අප අපේ ආදරණීයයන් සමඟ කාලයක් ජීවිතය ගෙවන්නට නම් අවශ්‍ය අවස්ථාවේ විවේකය ගත යුතුයි. සෞඛ්‍ය සම්බන්ධයෙන් මානසික සහ ශාරීරික සීමා ඉගෙන ගත යුතුයි. අනවශ්‍ය ලෙස වෛද්‍යවරුන් පිළිබඳව හෝ විශ්වාසය තබා ගන්නවා ට වඩා එය කාලයක් හොඳින් ජීවිතය ගෙවන්නට වැදගත් වේ.

1114