සුදු කබර

  • 0
  • 1 year ago
  • Views : 219
  • ID : #5905

Description

? සුදු කබර සුදු කබර මුල් අවස්ථාවේ දී ඉතා ම පහසුවෙන් සුව කළ හැකි යි. මධ්‍යය අවස්ථාවේදී ද සුදු කබර සුව කර දීමට හැකි වූ අවස්ථා තිබෙනවා. සුදු කබර සඳහා වන දේශීය ප්‍රතිකාරය වඩාත් සාර්ථකයි. ඉක්මන් ප්‍රතිඵල ලැබෙනවා. සුදු කබර රෝගයේ දී සිදු වන්නේ සමේ පවතින මෙලනීන් යනුවෙන් නූතනයේ හඳුන්වන වර්ණකය ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් පහර දී විනාශ කිරීම යි. මේ තත්වයෙන් මිදීම සඳහා ලේ පිරිසිදු කරන ඖෂධ යෙදිය යුතු වනවා. සුදු කබර රෝගීන් ගෙන් බහුතරයකට අක්මාවේ සහ තයිරොයිඩ් ග්‍රන්ථිය සම්බන්ධ සංකූලතා මා දැක තිබෙනවා. කළුජාතිකයන්ට වැළඳෙන ර‌ෝගාබාධයක් නිසා ද‌ෝ සාර්ථක සහ නිශ්චිත ප්‍රතිකාරයක් ප්‍රධාන ධාරාවේ බටහිර ක්‍රමයන්හි දක්නට නැත. නමුත් නිසි ද‌ේශීය ප්‍රතිකාරයක් මඟින් සුදු කබර ර‌ෝගය පහසුවෙන් සුව කළ හැකි යි. _______________________________ සුදු කබර ර‌ෝගය සඳහා ආර්ථික දුෂ්කරතා ඇති අයෙක් ට භාවිතා කළ හැකි හොඳ ම අත්බෙහෙත වන්න‌ේ දිවුල් ක‌ොළ කැඳයි. න‌ොකඩවා කාලයක් දිවුල් ක‌ොළ කැඳ පානය කිරීම‌ මඟින් ර‌ෝගය සම්පූර්ණයෙන් ම පාලනය කළ හැකි වෙනවා. ආර්ථික ශක්තියෙන් හෙබි ර‌ෝගියෙකු හට ඉක්මනින් ම සුවපත් වීම සඳහා යොදා ගත හැකි ප්‍රධාන ප්‍රය‌ෝගයක් නම් වැල්මදට කෂාය යි. දැනට ඖෂධ වෙළඳපළ තුළ වැල්මදට දැකිය හැකි නොවේ. නුවරඑළිය‌ේ වැවෙන්නේ ද එම ආදේශකය වන මන්දමාදිනී ( ruba timctaria ) ය. වැල්මද ට රතු පැහැයට හුරු විය යුතු ය. නේපාලයේ ද කාශ්මීරයේ ද උතුරු බෙංගාලයේ ඩාජිලිං හි ද උසස් වැල්මදට දැකි ය හැකි වේ. සම්පූර්ණ වට්ට‌ෝරුව පහතින් දක්වමි. අත්දුටුව යි. වැල්මදට, කොට්ටන්, වදකහ, අරළු, රත්නෙටොල්, කෙළිඳසාල්, දියමිත්ත, ලුණුවරණ, ගැටනෙටොල් පොතු, පත්පාඩගම්, කලාඳුරු අල, රසකිඳ, පටෝල, ද‌ේවදාර, අතිවිඩියම්, ඉඟුරු, කොහොඹ පොතු, බුළු, මුරුවා, හාතාවාරිය අල, ආඩතෝඩා මුල්, රත්කිහිරිය, බිංකොහොඹ, ලුණු මිදෙල්ල පොතු, ගොන් කැකිරි අල, ඉරිවේරිය, කටුවැල් බටු, ගම්මාලු අරටු, තිරැස්සවාලු මුල්, මහඉරමුසු මුල්, කෙළිඳ පොතු, භාර්ගී, වියළි කහ, නෙල්ලි, වළඟසාල්, ත්‍රායමාණා, කීකිරිඳිය, රත් හඳුන්, කලුවාඅරසි, කරඳ මුල්, ඉරමුසු, වෙනිවැල් ගැට, තිප්පිලි සහ ඇහැළ කරල් පැණි යන මේවා ක්වාථ කර හ‌ෝ පාන්ඨ කෂාය වශයෙන් යෙදිය හැකි ි. මාසයක් පමණ ගත වන විට ප්‍රතිඵල දැකි ය හැකි වනව‌ා. මේ හා සමගාමී ව නිම්බාදී චූර්ණය යෙදීම ද ඉක්මන් සුවය ට හේතු වනවා. මෙහි වට්ටෝරුව සරලය. කොහොඹ පොතු, අරළු, රසකිඳ සහ නෙල්ලි ද බාකුචි ද එකව‌ගෙන් ග්රෑම් හැටක් පමණ වන ලෙස ගත යුතු ය. වියළි ඉඟුරු, ඛදිර ( රත්කිහිරිය ) , වළඟසාල්, සවිඳ ලුණු, ඇත්තෝර ඇට, යවක්ෂාර, තිප්පිලි, වියළි කහ, අසමෝදගම්, වෙනිවැල්ගැට, වදකහ, කලාඳුරු අල, සුදුදුරු, දේවදාර, ගම්මිරිස්, කොට්ටන් ග්රෑම් පහළව බැගින් ගත යුතු ය. ද්‍රව්‍යය වියළා සියුම් ව කුඩු කර මිශ්‍ර කරගෙන තේ හැඳි එක බැගින් රසකිඳ තැම්බූ වතුරින් පානය කළ හැකි යි. ආලේපය සඳහා වඩාත් ම සුදුසු වන්නේ බාකුචි තෙලයි. ______________________________ සරල ප්‍රතිකාර සඳහා කෂාය වට්ට‌ෝරු කිහිපයක් ද දක්වමි. මේ වට්ටෝරු සරල වට්ටෝරු බවත් එවිට ර‌ෝගය සමනය වීමට යම් කාලයක් ගත වන බවත් ඔබ තේරුම් ගත යුතු යි. මී පොතු, දිවුල් පොතු, නිල්කටරොල් මුල්, ඇහැළ මුල්, කිරිඅඟුන මුල්, තිත්ත වැටකොළු ඇට කලං දෙක බැගින් ගෙන පත අට පතට සිඳ පෙරා ගිතෙල් ස්වල්පයක් ද සීනි ද දමා දෙවේලට දෙන්න. අරලු, බුලු, නෙල්ලි, රුක්අත්තන පොතු, බිංක‌ොහොඹ, සන්නිනායං, වෙනිවැල්ගැට, රත්හඳුන්, වැල්මදට, දුම්මෑල්ල කලඳයි මදටිය හතර බැගින් ගෙන පත අට පතට සිඳ පෙරා මී පැණි දමා උදේ හවස දෙන්න. පිත් කෝපය අධික රෝගීන් ට පහත කෂාය ද සුදුසු යි. අරලු, බුලු, නෙල්ලි, සන්නිනායං, වැල්මදට, මුද්දරප්පලම්, ඉරමුසු , සෙනෙහෙ කොළ කලං එක බැගින් ද කෝමාරිකා මද කලං හතරක් ද දමා පෙර පරිදි ම දෙන්න. පුහුල් කොළ , ගැඩුම කොළ, පෝටා කොළ, කුඩුමිරිස්ස කොළ සමඟ අමු කහ සම ව ගෙන කොටා වතුර දමා මිරිකා කකාරා පැල්ලම් මත ආලේප කරන්න. තොල් කබර වල මූලික අවස්ථාවේ දී සරලව යොදා ගත හැකි ප්‍රතිකාර ගණනාවක් තියෙනවා. උදාහරණයක් විදිහට කලුවාඅරසි කලං හයයි වියළා ගත් බුලු පොතු කලං දහ අටයි වියළා කුඩු කර ගෙන වරකට තේ හැඳි භාගයක් ගිතෙල් සහ කොහොඹ මී පැණියෙන් ගිල නෙල්ලි, රසකිඳ, ඉරමුසු සහ කිරිඅඟුන මුල් සම ව ගෙන තැම්බූ වතුර බොන්න. ( කලුවාඅරසි වල විෂ‌ ශෝධනය සඳහා ඇට ඉඟුරු යුෂයෙහි පැය විසි හතරක් තබා ගෙන අව්වේ වියළා ගෙන නැවත උණුවතුරින් මඳක් තම්බා සෝදා වියළා ගත යුතු ය. ) ලප සඳහා වර්ණකයක් ද දක්වන්න ම්. කලුවාඅරසි, සුද්ධමඩහිරියල්, නෙල්ලික්කාගෙන්දගම් සම ව ගෙන ගෝ මුත්‍රයෙන් අඹරා ලප මත ආලේප කරන්න. නැතහ‌ොත් කළුතල, අමුකහ, අනිත්ත ක‌ොළ, මරතොණ්ඩි ‌ක‌ොළ ප‌ොතු ගෙන පැසුණු ප‌ොල් දමා ක‌ොටා අඹරා ගාන්න. _______________________________ මෙම රෝගය සමඟ මානසික ආතතිය වැනි කාරණා බැඳී ඇති නිසා රෝග නිදානය පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඒ පිළිබඳව ද සැලකිය යුතු යි. බෙලි දොළහ කෂාය වැනි මානසික ලිහිල් භාවය සඳහා ලබා දෙන කෂායක් එහිදී ලබා දීම කළ යුතු වනවා. ______________________________ සුකුමාර චූර්ණය හෝ ධාත්‍රී චූර්ණය යෙදීම, වැල්දෙහි චූර්ණය යෙදීම සහ මහා මංජිෂ්ඨාදී ක්වාථය, රත් හඳුන් ක්වාථය වැනි නිෂ්පාදිත ඖෂධ ගණනාවක් ද මේ සඳහා කාර්ය බහුල ජීවන රටාවක් ගෙවන අයට භාවිතා කළ හැකි යි. පළපුරුදු දේශීය ‌‌‌වෙෙද්‍යවරයකු ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර කරන්නේ නම් ඔවුන් ගේ උපදෙස් සහ සහයෝගය ඒ සඳහා ලැබේවි. ______________________________ පැහැදිළි ද‌ේශීය ප්‍රතිකාර ඇති මේ වගේ අසනීප සඳහා ලාංකිකයන් ට පහසුවෙන් පිළියම් තිබිය දී අසනීපය සමඟ ජීවත් වීම කණගාටුවට කරුණක්. දේශීය පිළියම් සඳහා ෙයාමුවීම මඟින් වකුගඩු සහ අක්මාවට හානි සිදු වේ ය වැනි මතවාද ආදී කාරණා ගණනාවක් ඒ සඳහා බලපවත්වනවා. නූතන වළෙඳ සමාජය තුළ ඖෂධ ස‌ොයා ගැනීමට පර්ය‌ේෂණ සඳහා මුදල් වෙන් වන්නේ එමඟින් ලාභ ඉපැයිය හැකි නම් පමණ යි. රෝග නිවාරණය හා බැඳුණු සදාචාරාත්මක හෝ මානුෂීය වූ හෝ ගුණාංග ඒ හා බැඳෙන්නේ නෑ. ලාංක‌ේය සමාජය මේ බව වටහා ගන්නවා නම් බ‌ොහ‌ෝ රෝග නිවාරණය කර ගැනීමට ද‌ේශීය පිළියම් තිබෙනවා.

1114