කුරැදු

  • 0
  • 1 year ago
  • Views : 868
  • ID : #9998

Description

? ව්ද්‍යාත්මක නාමය =Cinnamonum Zeylanicum ව්ද්‍යාත්මක කුලය = Lauracae සංස්කෘත නාමය = ත්වක් වැවෙන ප්‍රදේශ = ශ්‍රි ලංකාවේ බටහිර දකුණු ප්‍රදේශ යන්හි ද තෙත් සහිත ප්‍රදේශ යන්හි ද බහුලය. ස්වරැපය = අඩ් 15,20 දක්වා උස යන සදාහරිත ශාකයකි. ව්‍යවහාර අංග = පොතු ,කොළ ,මුල් ආදිය මාත්‍රාව = පොතු චුර්ණය රක්තිකා 6 තෙල බ්න්දු 1/3 අතර සංග්‍රහ සංරක්ෂණය ව්ධ් = පිට කුරැට්ට ඉවත් කර ව්යලා ව්‍ යලි ගබඩා වල තැම්පත් කල යුතුය. පර්‍යාය නාම = ත්වක් පත්‍රංච වරාංගංස්‍යාත් භ්‍රැංගං වෝචං තංතෝත්කටම් ත්වක් = පොතු වැඩ්පුර ගන්නා නිසා වරංග = තෙල යුක්ත නිසා උත්කට = තික්ෂණ ද්‍ර්‍රවයක් නිසා ව්‍යුහගත කර්ම (බාහිර වශයෙන් )= රක්තෝ ක්ලේෂකයි ,වේදනා ස්ථාපනයි, මුඛ ශෝධනයි , මුඛ දෝර්ගන්ධතා නසයි , දත්මුල් ශක්තිමත් වේ,ගෝනුසු ව්සට කුරැදු තෙල් ඔසු ප්‍රයෝග ලෙස යොදා ගනි. අභ්‍යන්තර වශයෙන් (පාචන ව්‍යුහය ) = දිපනයි ,පාචන යි, වාතානුලෝමනය යි, ක්‍රිම්හරයි ,අරැච් ,අග්නිමාන්දය වැනි රෝග අවස්ථාව න්ට ඔසු ලෙස යොදා ගනි. ශ්වසන ව්‍යුහය = කඵ හර නිසා කාස ස්වාස රෝග නසන ඔසුවකි. මුත්‍රණ ව්‍යුහය = උෂ්ණ තික්ෂණ නිසා වකුගඩු උත්තේජනය කරයි. ප්‍රජනන ව්‍යුහය = ගර්භාෂ සංකෝචනය නිසා රජෝරෝධ වැනි අවස්ථා සදහා යොදා ගනි .               ගස කපා ලබා ගන්නා ඇතුලත පොත්ත වියලා කුඩු කර  පවුඩර් ලබා ගනි.මෙහි ඇති තෙල් සහිතකොටස අඩංගු  Cinnamaldehyde  මගින් සුවද හා රස පවත්වා ගනි.මෙම Cinnamaldehyde සෞඛ්‍යයට සුලභ බලපෑමක් කරනු ඇත. කුළුබඩු වර්ගයක් ලෙස භාවිතා කලද නවින පර්යේෂණ වලට අනුව සෞඛ්‍යසම්පන්න දිවියකට ඉතා අගනා ‍‍ඹෟෂධයකි.මාංශපේශි වේදනාව ,වමනය ,අජිර්ණය,වැනි දේ සදහා යොදා ගනි . රුධිර සිනි ප්‍රමානය අවම කරන බව සොයා ගෙන ඇත. කුරුදු වල ඇති  රසායනික සංයෝගය බැක්ටිරියා හා දිලිර වලට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරනු ඇත.අධ්‍යනයන්ට අනුව දිනකට ග්රෑම් හය දක්වා භාවිතා කිරිම මගින් රුධිර ග්ලුකොස් ත්‍රයිග්සරයිඩ්, LDL කොලෙස්ටරෝල්අවම කර HDL වැඩි කර ගත හැකි අතර TYPE 02 දියවැඩියාව සදහා ඇති අවදානම අවම කර ගත හැක.මෙහිදි ඉන්සියුලින් ප්‍රතිරෝදි තාව අවම කර රුධිර පද්ධතියෙන් සෛල තුලට සිනි ගමන් කිරිමට උදව් කරයි. පරිනත නොවු මරණ සදහා වන පුභල හේතුවක් වන හෘද රෝග අවම කිරිමේ ලා කුරැදු පුභල ලෙස බැදි පවති. සමහර කුරැදු නිෂ්සාරක මගින් කරන ලද පර්යේෂන වලදි  Flasting Bood Sugar  මට්ටම ද අඩු කර ඇත.Alzheiner”s  රෝගය වලක්වන රසායතනික මෙහි අඩදගු වේ. ඉන්දියාවේ කරන ලද පර්යේෂණ වලට අනුව  HIV  වලට විරැද්ධව යම් තරමකට ක්‍රියාත්මක විමක් සිදු වන බවඅධ්‍යනය කර ඇත.මේද සහිත ආහාර මගින් සිරැරට වන බලපැම අවමකර ගැනිමට කුරුදු භාවිතා කලහැකි බවට සනාත කර ඇත. ඇමරිකානු කෟෂිකර්ම දේපාර්තමේන්තුවට  අනුව කුරුදු ග්‍රැම් 10 ක       ශක්තිය කි.කැලරි 24.7මේදය 0.12 ග්‍රැම්, කාබොහයිට්රේට 8.06 ගැ්‍රම්, ප්‍රොටින 0.4 ග්‍රැම් ලෙස සොයා ගෙන ඇත. රුධිර සිනි අවම කිරිම බැක්ටිරියා විනාශ කිරිම ආසාදන අවම කිරිම ආහාර දිරවිම පහසු කිරිම රුධිර ගමනය පහසු කිරිම ක්ලෝස්ටරෝල් අඩු කිරිම ආහාර ගැනිමෙන් පසු කුරැදු වල රසායනික මගින්ඉන්සියුලින් සදහා ඇති සංවේදිතාවය වැඩි කැන අතර ආහාර මගින් රුධිරයට දෙන සිනි පුමානය අඩුකරයි. කුරුදු වල ඇති Polyphenols  වැනි පුභල ප්‍රතිඹක්ෂිකාරක සංයෝග නිසා ප්‍රතිඹක්ෂිකාරක ගුණය ඉහලය.  මෙමගින් ශිරුර ආරක්ෂා කරන අතරම ආහාර පරිසංරක්ෂණය සදහාද යොදා ගනි.මෙම ගුනය නිසාආසාදිත හා හානියට පත් පටක අළුත්වැඩියාවට උදව් වේ. බැක්ටිරියා මතක්‍රියා කිරිම මගින් දත් දිරා යාම වලකයිඹෞෂධ පැල 69 ක අධ්‍යනයේදි බොහෝ පුතිපල සහිත ශාකය කුරැදු බව සෝයා ගෙන ඇත. . CEYlon Cinnamen (සත්‍ය කුරුදු) වලට සාපේක්ෂව Cassia cinnamon වර්ගයේ යම් පුමානයක් COUMARIN  රසායනිකය අඩංගු අතර එම වර්ගය අධික ප්‍රමානයක් ගැනිම හානිකර විය හැක. මේ නිසා මෙම ගුණ සදහා CEYlon Cinnamen (සත්‍ය කුරුදු) භාවිතය යොග්‍ය උවද අවාසනාවකට වෙළදපෝලේ  බහුලව ඇත්තේ ම්ල අඩු Cassia වර්ගයේ කුරුදු වේ

1114