තිප්පිලි

  • 0
  • 1 year ago
  • Views : 208
  • ID : #2159

Description

? උද්භිද ව්ද්‍යාත්මක නාමය = Piter longum උද්භිද කුලය = Piperaceae සංස්කෘත නාමය = පිප්ඵලි වැවෙන ප්‍රදේශ = තෙත් කලාපයේ බහුලයි. මධ්‍යම පළාතේ කදු ප්‍රදේශ ස්වරැපය = බහු වාර්ෂික ආකාෂ්ට්‍ ය ලතාවකි.පොළව මත පැතිරී යයි. කොළය තාම්බුලාකාරය. ඒකාන්තර පත්‍රයේ මුල හෘදයාකාරය. අග තික්ෂනාකාරයි. ඵලය ඉගුරැ අලය මෙනි. ව්‍යවහාර අංග = කරල් හා මුල් සංරක්ෂණ ව්ධ් = කරල් පැසුනු ව්ට කඩා ඉතා හොදින් අව්වේ ව්යළා ව්යලි භාජන වල තැම්පත් කල යුතුයි. තිප්පිලි මුල් හා වැල් ඔසු ලෙස යොදා ගැනිමේ දි හොදින් ව්‍ යලිමෙන් පසු කුඩාවට කපා යොදා ගත හැක. ප්‍රභේද = මහා තිප්පිලි / කුඩා තිප්පිලි මාත්‍රාව = රක්තිකා 5,10 අතර පර්‍යාය නාම = පිප්ඵලි මාගයි කෘෂ්ණා වෙදෙහි චපලා කනා උපකුල්‍යෝෂ්ණා ශොණ්ඩ් කෝලස්‍යාත් තිෂ්ණ තණ්ඩු මාගයි =ලෙස මගධ දේශයේ ඇති වු නිසා ද කෘෂ්ණා =ලෙස ව්යලුන ව්ට කළු පාට වන නිසා ද චපලා= ලෙස තික්ෂන ගුන ඇති නිසා ද කනා = හීන් ඇට ඇති නිසා උපකුල්‍යා = ඇල දොල ආශ්‍රිත ජලීය පරිසරයේ වැඩෙන නිසා ශොණ්ඩ් = හොඩයක් බදු වන නිසා උෂ්ණා = උෂ්ණ ව්ර්යය නිසා කෝලා= බරින් කෝලයක් ප්‍රමාණ වන නිසා තික්ෂණ කණ්ඩලා= තික්ෂණ ගුණ යුතු කුඩා ඇට කටුක රස නිසා සෙම ද වාතය ද සමනය කරයි. නාඩ් ව්‍යුහය = මේධ්‍යයි .වාත හරයි. මස්තිෂ්ක හා වාත රෝග වල දි භාවිතා කරයි. පාචන ව්‍යුහය = කටුක රස නිසා දීපනීය ගුණ ඇත.උෂ්ණ නිසා වාතානුලෝමනය කරයි. ප්‍රශමන මෘදු ව් රේචන ගුන ඇත.කටුක හා තික්ෂණ නිසා ක්‍රිම්ඝ්න ගුන ද ඇත. අරැච් අග්නිමාන්දය අජිරණ උදර ශුල අවස්ථා වල දි ඔසු ලෙස යොදා ගනි. ශ්වසන ව්‍යුහය = කඵ වාත නසන නිසා කාසහර, ශ්වාස හර හික් කා නිග්‍රහණයි. කාස ශ්වාස රෝග වල දි භාවිතා වේ. තාප ක්‍රමය = ජ්වරඝ්නයි ( උණ හරනය ) ව්ෂම ජ්වර සදහා ඔසු ලෙස ප්‍රයෝග කරයි යෝග = ඒකීය වශයෙන් හා ම්ශ්‍රිත උපාදාන වශයෙන් භාවිතා වේ. වාත කඵ ජ්වරයට තිප්පිලි ම් පැණි සමග ලේහ කිරිම. පිපල්‍යාසවය ගුඩ් පිප්ඵලි ත්‍රිකුළු හිංගු කෂාය ආදි ඔසු නිෂ්පාදනයට මෙම මහාර්ඝ ඔසුව යොදා ගනි.

1114