අරළු

  • 0
  • 1 year ago
  • Views : 928
  • ID : #8532

Description

? උද්භිද ව්ද්‍යාත්මක නාමය =Terminalia Chebula‌ කුලය = Combretaceac වැවෙන ප්‍රදේශ = අනුරාධපුර , කුරුණෑගල, උෟව, බින්තැන්න ආදී පළාත්වලද ඉන්දියාවේ මධ්‍යම පළාතේ සහ බංගලිදේශයේද, මදුරාසියේද, වැවේ. ස්වරැපය = කොළ අඟල් පහේ සිට හය දක්වා දිගටද අඟල් දෙකක් තුනක් දක්වා පළලටද වේ. මල් කහ පාටට හුරු සුදු පාටය. ”භවතේ ජාතා හරිතක්‍ය ස්‌වභාමනඃ හරිති සර්වරෝතෝද්‍ර තේනප්‍රොන්නාහරීතකී” විෂ්ණුගේ උයනේ උපන් නිසාද විෂ්ණු හා සමාන සුවභාවයක් ඇති නිසාද සියලු රෝග නසන නිසාද අරළුවලට හරිතකී යන විෂ්ණුගේ නාමයම ව්‍යවහාර වේ. සුර අසුර යුද්ධයේදී කිරි මුහුද කළඹා සොයාගත් අමෘතය සක්‌දෙවිඳුන් පානය කරමින් සිටින අවස්‌ථාවේ ඉන් බින්දු හතක්‌ කිරි මුහුදට නොවැටී මිහිකත මත පතිත වූයේ සුළු වැරැද්දකිනි. මෙයින් මහත් කම්පාවට පත් ශක්‍රදේවේන්ද්‍රයා ප්‍රාර්ථනාවක්‌ කළේය. මාගේ පානයට පමණක්‌ ඇති මේ අමෘතය පොළොවට වැටී විනාශ විය. නමුත් එය මිනිසාගේ ප්‍රයෝජනය සඳහාම පවතීවායි පැවසූ නිසා එම බිංදු හතෙන් පහළ වූ අරළු වර්ග හත මෙසේ නමින් හතකින් භාවිත වේඅරළු වර්ග හතක් (7) ආයුර්වේදයේ සඳහන් වේ. 01. රෝහරී - ගෝලාකාරය 02. ප්‍රකනා - ප්‍රමාණයෙන් ලොකුය. රෝහරී වර්ගයට වඩා විශාල වුවත් මාංශ කොටස අඩුය. ඇටය ලොකුය. 03. අමෘත - මාංශ කොටස වැඩිය. ඇටය කුඩාය. 04. අභයා - අන් වර්ගවලින් වෙනස්‌a වන්නේ එයට සීමා වූ රේඛා පහක්‌ ඇති වූ බැවිනි. 05. මෙනිකා - රේඛා තුනකින් යුක්‌තය. 06. විජය - ඉහටිය සිහින් ව පහටිය මහත්ව, ලබුගෙඩියක ස්‌වරූපයෙන් යුක්‌තය. 07. ජීවන්තා - රන්වන් පාටය මෙහි දැක්‌වූ වර්ග හතෙන් අගනා වර්ගය විජයාය වන බව ආයුර්වේද සංහිතාවෙහි දැක්වේ. එසේම මේ වර්ග හතෙහි ම ගුණයන් එකිනෙකට වෙනස්‌ බවද එහිම සඳහන් වේ. ආයුර්වේදයේ තිපල් යනුවෙන් හඳුන්වන ඉතා උසස්‌ ඝනයේ ලා සලකන අරළු යෙදා ගෙන ඖෂධ රාශියක්‌ නිපදවයි. අරළු 1, බුළු 02 යි. නෙල්ලි 03 යි යන අනුපාතයට තිවර්ගයේ කුඩු, ගිතෙල් හා මීපැණි දමා අඹරා ලෝහ තැටියක පවනේ වියලා වෙරළු ඇටයක ප්‍රමාණයේ ගුලි කර එක ගුලිය බැගින් උදය, සවස පාවිච්චි කළහොත් සියලු රෝගවලින් වැලකී සිටීමට හැකි බැව්, අති පූජ්‍ය ගෞරව බලංගොඩ ආනන්ද මෛත්‍රි ස්‌වාමින් වහන්සේ පිටපත් කර ඇති හස්‌ථසාර පොතෙහි සඳහන්ව තිබේ. අරළු කැබැල්ලක්‌ මුඛය තුළ තබාගෙන සිටීමෙන් මුඛරෝග කට ගඳ ගැසීම, විදුරුමස්‌ යවීම, කිසි නක සිදු නොවීs කටහඬ ද මිහිsරි වන බැව් ආයුර්වේද පොත්වල සඳහන් වේ. පුෂ්ප මංජයහි - 50 -100 අතර සංඛ්‍යාවක බීජ ඇතත් ගෙඩිහට ගන්නේ එහි කිහිපයක ය. වසරකට වරක්‌ පමණ හට ගන්නා පුෂ්පය කහ පාටය මිලිමීටර් (3 -4) තුනක්‌ හතරක්‌ පමණ ගැති පෙති පහකි. ඉතා ප්‍රියජනක සුවඳ විහිදුවන මලක්‌ වුවත් සෑම මලකම ගෙඩි හට නොගනී. ගෙඩිය මිලි මීටර් තුනක්‌ හතරක්‌ (03-04) පමණ වූවකි. ඝන වූ මාංශය තුළ වූ ඇටය ද ඉතා තදය. එය තුළ වී ඇටයක පමණ ප්‍රමාණයේ මදයක්‌ තිබේ. මෙම ගෙඩි ඌරා මුවාගේ ඉතාමත් ප්‍රණීත ආහාරයකි. එම නිසාම පැළ හට ගැනීම ඉතා සීමිත ය. අරළු ගුණ අරළු රළුය, බඩගිනි වඩයි. අවබෝධ වීමේ ශක්තිය වඩයි. යහපත් සේ පැසවීම කරයි. රසායනයි. ඇසට හිතයි. සැහැල්ලුයි. ආයු වඩයි. වීරිය වඩයි. අර්ශස්, කුෂ්ඨ, ඉදිමුම්, උදර, පණුවන්, ග්‍රහනිය, මල බද්ධය, විසම උණ, ගුල්ම, බඩ පිපුම, පිපාසය ඇඟ කැසීම, හෘදය රෝග සෙංගමාලය, බඩරුජා, පිලාව සහ අක්මාව ලොක් වීම, මුත්‍රා ගල් යන මේ රෝග නැති කරයි. ආහාර සමඟ අරළු අනුභව කිරීම අරළු ඥාන ශක්තිය, ශරීර බලය සහ පංචේන්ද්‍රයන් වර්ධනය කරයි. සිත්, සෙම්, වාතා දී ‍ෙදාස් සම්පූර්ණයෙන්ම නැති කරයි. මල මුත්‍රාදිය හොඳින් පහ කිරීමට උදවු කරයි. දවසකට වරක් අරළු ගෙඩියක් සපා ගිලීමෙන් ආයුෂ වැඩි වේ. අරළු - ඇට මදයේ ගුණය ඇසට හිතයි. වා, පිත්, සෙම් නසයි. අරළු පාවිච්චි නොකළ යුතු අය සමේ ඇට මිදුලු බිඳුණු අයද, ශක්තිය හීන වූ අයද, ගැබ්ගත් අයද, අරළු අනුභව නොකළ යුතුය. අරළු සංයෝග ගුණ අරළු කුඩු සහිඳ ලුණු සමඟ මිශ්‍රකර දීමෙන් සෙම නසයි. අරළු කුඩු සූකිරි සමඟ දීමෙන් - පිත නසයි. ගිතෙල් සමඟ අරළු කුඩු මිශ්‍රකර දීමෙන් වාතය නසයි. උක් හකුරු සමඟ මිශ්‍රකර අරළු කුඩු ගැනීමෙන් සියලුම ‍ෙදාස් නසයි. අරළු සංයෝගයක් අරළු සහ කරපිංචා නැටි එක වර්ගයෙන් කළං 6 බැගින් ගෙන වතුර පත 8 - 1ට සිඳ පෙරා පත 1/2 බැගින් උදේ සවස බීමෙන් අජීරණ දෝස නැති කරයි. අරළු සංයෝගය කසායක් අරළු, බුළු, නෙල්ලි, බිං කොහොඹ, කහ, කොහොඹ, රසකිඳ යන මේවා කලං 1යි මදටිය දහහතර (14) බැගින් ගෙන වතුර පත 8 එකට සිඳුවා කසායට උක් හකුරු සමඟ වරකට පත භාගය බැගින් උදේ සවස බීමෙන් හිසේ පැත්තක හට ගන්නා වේදනා, ඉරුවාරදය, දත් පතුරුගැසී යෑම හා දත් කැක්කුම, නේත්‍රපටලය, ඇසේ සුද සහ ඇසේ සියලු රෝග නසයි

1114