දුහුදු

  • 0
  • 1 year ago
  • Views : 912
  • ID : #1617

Description

? උද්භිද ව්ද්‍යාත්මක නාමය = Celastrus Paniculatus කුලය = Celastraceae වැවෙන ප්‍රදේශ = මහනුවර හන්තාන ප්‍රදේශය ,රූමස්සල මෙන්ම දුහුදු ශාකය ඌවට මායිමි වු සපරගමුව පළාතේ බෙලිහුල්ඔය,බලංගොඩ රජවක හා වෑවල එළිය යන ප්‍රදේශතුල ව්‍යාප්තියක් ඇති බවක් පෙනේ.මෑතක එය නිල්ගල තලාවෙන්ද හමුවු බව පරිසරවේදිහු කියති. ස්වරැපය = තුරැ මත අතුපතර විහිදි වැඩෙන විශාල වල්ලීය ලතාවකි.මෙම ශාකයේ ලපටි කදේහි පොත්ත මත සුදු පැහැයට හුරැ පුල්ලි මෙන් වා සිදුරැ දක්නට ඇත.පත්‍රය සරලය.එහි දාරය දැති සහිතය.පුමාංගි හා ජායාංගි පුෂ්ප වෙන වෙනම පීදේ.අතුඅග පිපෙන පුෂ්ප මංජරියක මල්හට ගන්නා අතර එල්ලා වැටෙන පොකුරැ වශයෙන් ඵල දැරැවිට දක්නට ලැබේ.ලා කොළ පැහැයට හුරැ මෙම ළපටි ඵල පරිනත වෙන විට කැඹිලි කහ පැහැයට හැරේ.ඵලය කුඨිර 03 යුක්තය.ඒ තුල බීජ 3-6 අතර පිහිටයි.මෙම බීජ ආහාරයට ගැනිමට පක්ෂින් විශේෂ කැමැත්තක් දක්වයි. දුහුදු ශාකයේ ඹෟෂධ ගුණය ඇත්තේ බ්ජ තුලය.මෙම බීජවල ඇති තෙල් ප්‍රබල ස්නායු උත්තේජකයක් මෙන්ම බුද්ධි වර්ධක ගුන ඇත.පුරාන හෙල වෙදකමෙහි ජ්‍යොතිෂ්මති තෛලය ලෙස හදුන්වා ඇත්තේ මෙම දුහුදු තෙල්ය.මෙම තෙල හන්දි ආබාධ සුවපත් කිරිම සදහාද යෝග්‍ය වේ. දුහුදු ශාකයේ බීජතෙල් නිස්සාරනය කර ගැනිම දුෂ්කර ක්‍රියාවලියකි.එමෙන්ම ඉන් නිස්සාරනය කරගත හැකි තෙල් ප්‍රමානයද අල්පය. මෙම තෙල රක්තවර්ණ කහපැයෙන් යුක්තය.එමෙන්ම තරමක් තිත්ත රසයෙන් යුක්තය. රතු දත්ත ලැයිස්තුවට අයත් මෙය සංරක්ෂණය කල යුතු වට්නා ශාකයකි.

1114