විෂ්ණු ක්‍රාන්ති

  • -
  • 1 year ago
  • Views : 741
  • ID : #6225

Description

? නුවණ වඩන දිව්‍යමය ශාකය පොදු නාමය :- විෂ්ණු ක්‍රාන්ති කුලය :-Convolvulaceae උද්භිද විද්‍යාත්මක :-Eolvulus alsinoides නාග විසෙන් සිහිසුන්ව මරණය දෙසට ඇදෙන්නන්ට ජීවිතය දී නැගිටුවාගත හැකි විස්මිත ගුණැති ශාකයක් ගැන ඔබ අසා තිබෙනවා ද? විෂ්ණු දෙවියන්ට ප්‍රිය බැවින් ’දේවප්‍රිය’ ලෙස හැඳින්වෙන කුඩා විෂ්ණුක්‍රාන්ති පැළෑටියයි ඒ. බිම දිග දුවන ශාකයේ කඳත්, පත්‍රවල යටි පැත්තත්, සේද බූවකින් යුතු අතර තාරකා සටහන් සහිත අලංකාර නිල් පැහැති මල් , උදය වරුවේ කර ඔසවා පිපී හිඳිනු දක්නට ලැබෙනවා . එය අපරාජිතා, නීල පුෂ්පි, විෂ්ණු ගන්ධි, විෂ්ණු කරන්දි, ආදි නම් ගණනාවකින් හැඳින්වෙන බව පැරණි පත පොතෙහි සඳහන්. එසේ ම සංඛ පුෂ්පී (සක්මල්) නමින් හැඳින්වෙන ශාකයටත් ගුණෙන් රුවෙන් සමානවෙනවා. එහි අලංකාර පුෂ්පය උතුරු පළාතේ පුෂ්පය ලෙස ද නම්කර තිබෙනවා විෂ්ණු දෙවියන් උදෙසා සැකසෙන පූජාවට්ටියේ සුවඳවත් විෂ්ණුක්‍රාන්ති මුල් නො වරදවා දැකිය හැකියි . අපේ පැරැන්නන් එහි මුල් වියළා කුඩුකර දුම් ඇල්ලුවේ ඉන් නිවෙස්නට සුවඳ පමණක් නොව විෂ්ණු දෙවියන්ගේ ඇල්ම බැල්ම ද ලැබී සෞභාග්‍යය උදාවෙතැයි සිතීමෙන්. ජ්‍යෝතිර්වේදින් පළකරන්නේ විෂ්ණුක්‍රාන්ති ගෙමිදුළේ තිබීමෙන්, දැකීමෙන්, ස්පර්ෂකිරීමෙන්, පමණක් ම සෙනසුරු අපල දුරුවී සුව සෙත ළඟාවන බවයි. අපල කරදර දුරුකර සෙත ලබා ගැනීම සඳහා වගා කළයුතුයයි ජ්‍යෝතිර්වේදයේ සඳහන් වන ශාක අතර විෂ්ණුක්‍රාන්ති පෙරමුණේ සිටින්නක්. හිසතෙල් ගාන සිංහළ අළුත් අවුරුදු චාරිත්‍රය සඳහා එක්කරගන්නා ඖෂධිය ශාක අතරට විෂ්ණුක්‍රාන්තිද අයත් බව පැරණි පුස්කොළ පොත්වල සඳහන්. දේශීය වෙදකමේ විවිධ රෝග ගණනාවකට ප්‍රතිකාර සඳහා විෂ්ණු ක්‍රාන්ති යොදාගන්නවා. එය විෂනාශකයක් සේ ම මතක වර්ධකයක් , රුධිර ශෝධකයක්, විරේචකයක්, නිද්‍රාකාරකයක්, හා දරු සම්පත් ලබාදෙන්නක් ලෙසද ක්‍රියාකාරිවනවා. සර්ප වෙදකමේ සුවිශේෂ ඖෂධයක් සේ විෂ්ණු ක්‍රාන්ති සැළකෙනවා. නාග දෂ්ටයේදී නස්න කිරීම් සඳහා එහි පංචාංගය යොදාගන්නා බව සඳහන්. ශ්වසන පද්ධතිය ආශ්‍රිත ඇදුම, කක්කල් කැස්ස, මෙන් ම සන්නිපාත උණ ඇතුළු උණ රෝගවලට එරෙහිව ද යහපත් ප්‍රතිචාර දක්වනවා. ඇදුම රෝගයේදී එය දුම්වැටියක්සේ සකසා දෙන බව සඳහන්. මැලේරියා උණ වැළඳුණුවිට ශාකය කෂාය කර දිනකට දෙවර බැගින් සතියක් දෙකක් පානය කිරීමෙන් ගුණ අත්වන බව ද සඳහන්වෙනවා . ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග දුරුකර එහි ක්‍රමවත් බව රැකීමට ශාකයෙන් ලබෙන්නේ මනා පිටිවහලක්. එය ඒ ආශ්‍රිතව වැළඳෙන අතීසාර කොළරාව වැනි රෝග පාලනය කරනවා. ආහාර රුචිය ද වර්ධනය කර දෙනවා. දෙවියන්ගේ ලෙඩ ලෙස සැළකෙන පැපොල කම්මුල්ගාය ආදියේදී සහනය ලබාගැනීමට ශාකය තැම්බූ දිය බීමට ලබා දෙනවා. වාතරෝගවලට ගුණ දෙන විෂ්ණුක්‍රාන්තිය කෝලවාත , ඇම්ම, ඉලප්පුම ආදියට ඖෂධ ලෙස යොදාගන්නා බව වෛද්‍ය ලේඛනවල සඳහන්.. එය ගලගණ්ඩය, මුත්‍රා ආබාධ අධිරුධ්ර පීඩනය, අපස්මාරය වැනි රෝග දුරලන්නක්. ශාකය මුල්කරගෙන ස්නායු රෝග සඳහා ඖෂධයක් නිපදවා ඇති බව ද සඳහන්වනවා සමේ ඇතිවන කුෂ්ට වැනි චර්ම රෝග සුවකර දෙන විෂ්ණුක්‍රාන්තිය සම නිරෝගිකර දෙනවා. සමේ ඇතිවන තුවාල සඳහා පැළෑටිය පල්පයක් සේ සකසා ආලේප කරනු ලබනවා. විෂ්ණුක්‍රාන්ති මොළය හා මතක වර්ධනයට ද බෙහෙවින් උපකාරි වන්නක්. එය උන්මාද රෝගින්ට ප්‍රතිකාර ලෙස ද යොදාගන්නවා. මනස සෙමින් වර්ධනයවීමේ රෝගී න්ට ත් හිතකර ප්‍රතිකාර සලසනවා. එමගින් මනස නිරෝගිකිරීමට දායකවෙනවා. මඳසරුබවට පිළියම් කරන විෂ්ණුක්‍රාන්ති ශුක්‍ර වර්ධනය කර දෙන්නක් ලෙසද සැළකෙනවා. එය දරුපල අහිමිවූවන්ට දරුපල ලබා දෙනවා. ආර්තව අක්‍රමිකතා දුරු කරනවා. හිසකේ වර්ධනයට ද විෂ්ණු කාන්ති උපකාරිවනවා. විෂ්ණුක්‍රාන්ති තෙල් සිඳ හිස ගැල්වීමෙන් හිසකෙස් නිරෝගීව වැවෙන බව සඳහන් . විෂ්ණුක්‍රාන්තිවලින් අත් බෙහෙත් *මතක හා නුවණ වැඩුමට මුලෙහි යුෂ තේ හැඳි 1-2 උදාසන හිස්බඩ ගැනීම මුල් තැම්බූ දිය අඬුකෝප්ප 1/2 -1 උදෑසනපානය කිරීම *කක්කල් කැස්සට විෂ්ණුක්‍රාන්ති කප්පරවල්ලිය හා පාවට්ටා එක්කොට කෂාය කර බීම හෝ පැණිය කර බීම *ස්නායු දුර්වලත්වයට වි. මුල් හා සූදුරු දමා උණුකළ එළකිරි බීම

1114