ඉපැරැණි හෙළ වෙදකම

  • -
  • 1 year ago
  • Views : 661
  • ID : #6306

Description

? අනාගතයෙහි උපදින අල්පාෂුෂ මිනිසුන්ගේ බුද්ධිය ගැන සැලකූ එම සෘෂින්වහන්සේලා ආයුර්වේදය ක්‍රම අටකට බෙදා වෙන්කර ක්‍රම හා විධියේ සෙසු වෙද බුද්ධි ප්‍රභාවය දියුණුමට්ටමකට පමුණුවා ග්‍රන්ථාරූඪ කළ පොත් හා ග්‍රන්ථ වෙදකරණයේ දී අතිශයෝක්තියෙන් මුදවා වෙදහෙදකම් සඳහාම යෙදවූ බවක් එතැන් පටන් මේ දක්වා පාරම්පරිකව එම වෙදකම් පරම්පරානුගතව වෙද දුරන් වෙත පැවතගෙන එන බවක්ද පැහැදිලි වේ. රාවණාරාජ සමය ලංකා දේශීය වෙදකමේ ස්වර්ණමය යුගය ලෙස සැලකිය හැකියි. ජගත් පුජ්‍ය වෛද්‍ය පරම්පරාවක ආදි කර්තෘවර පුලස්තිපුර අග්‍රරාජධානිය කොට රාජ්‍යානුශාසනය කළා වූද මහර්ෂි පුලස්තිතුමාගේ මුණුබුරුවූ වෛද්‍ය ශිරෝමනී ශ්‍රී ලංකාධිපති රාවණා අධිරාජයා ලොව විසූ ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයන් අතුරෙන් ප්‍රමුඛස්ථානයේ වැජඹුණ මෙතුමා ජීවත් වූයේ වික්‍රම සංවත්සරයෙන් 1207කට පෙරයයි සඳහන් බුද්ධ වර්ෂයෙන් 1844 කට පෙර දඹදිව දශ දේශයක් යටත් කළ නිසා ඒ දශ දෙස කිරුළු පලන් දසිස් යයි විරුදාවලි ලද මෙතුමා අවුරුදු හාරදහසකට පෙර ජීවත්වූ බවක් මහාවංශය සඳහන් කරයි. දක්ෂ රසායන වෛද්‍යවරයෙක් මෙන්ම අග්නිසර නාගසර අවිනිපදවා රාමරාවණ යුද්ධයේ දී ඇඳුම් කාර්මික රටකට ගැළපෙන සේ සකස්කර භාවිත කරමින් මහා බ්‍රහ්මයාගේ වෙදකම් ඉගෙන ගෙන ක්ෂණික ආබාධවලින් තුවාල සුව කිරීමේ ක්‍රමවේද රහස් ඖෂධ පවා දැන ඉගෙන මියගිය උන් පණ ගැන් වූ ඖෂධ සොයා ඔවුන් සුවපත් කළ බවක් ද යුදාදි ක්‍රමවලදී වලාකුළු තුළ සැඟවී පහර දීම අදෘෂ්‍යමානව සිට පහර දීම ආදී ඒ පිළිබඳ කතාවලින් පැහැදිලි ය. මේ අනුව රාවණා රාජතෙමේ විෂ්මිත වික්‍රමයන් කළ මහානුභාව සම්පන්න ශාක්‍ය සම්පන්න රාජෝත්තමයෙකි, ආයුර්වේදයේ සම්භවය ලෙස හිමාල පර්වත ප්‍රාන්තයේ සිට විවේක සුවයෙන් ගත කළ සෘෂින් වහන්සේලා මනුෂ්‍යත්වය ඉක්මවා ගිය ස්වකීය බුද්ධිබලය මෙහෙයවා හිමාල අඩවියේ සිට මහා සාගර පතුල දක්වා අධීක්ෂණය කළ සෑම ද්‍රව්‍යයකම විද්‍යාමානවන රසගුණ ඕජා පිරික්සමින් තමන්වෙත පැමිණි කීකරු ශිෂ්‍ය වෙදපරපුර වෙත උගන්වා ආයුර්වේදය අර්ථකථනය කළබවද සත්‍යයකි. අනාගතයෙහි උපදින අල්පායුෂ මිනිසුන්ගේ බුද්ධිය ගැන සැලකූ එම සෘෂින්වහන්සේලා ආයුර්වේදය ක්‍රම අටකට බෙදා වෙන්කර ක්‍රම හා සෙසු වෙද බුද්ධි ප්‍රභාවය දියුණුමට්ටමකට පමුණුවා ග්‍රන්ථාරූඪ කළ පොත් හා ග්‍රන්ථ වෙද කරණයේ දී අතිශයෝක්තියෙන් මුදවා වෙදහෙදකම් සඳහාම යෙදවූ බවක් එතැන් පටන් මේ දක්වා පාරම්පරිකව එම වෙදකම් පරම්පරානුගතව වෙද දුරන් වෙත පැවතගෙන එන බවක්ද පැහැදිලි වේ. මේ තාක් සොයාගෙන නැති සෙල් ලිපි රාශියක් හෙළ වෙදකමේ අරුණෝදය ලේඛනගතවී ඇත. හෙළ අපේ පැරණි වෛද්‍යකර්ම පිළිබඳ පැහැදිලි වාර්තාවක් ලංකාවාසීන් ඉදිරියට පැමිණෙනු ඇත. ඒ අස්ථානගත වී ඇති මෙම සෙල්ලිපි සොයාගත් විටයි. පස්වැනි කාශ්‍යප රජුගේ සෙල්ලිපිය මිහින්තලා කන්ද පාමුල පිහිටි දොරටුපාල ශිලා ලිපිය අභයගිරි විහාරයේ සිව්වැනි මිහිඳු රජුගේ ශිලා ලිපිය එතුමාගෙම මිහින්තලා ශිලා ලිපිය මහා පැරකුම් රාජ සමයේ සුළුවේදනා නම්දැරූ වෛද්‍යතුමාවිසින් මල්වතුඔය අසල කොටන ලද ශිලා ලිපිය මෙම සාක්ෂි එකල ලංකාපුරය තුළ පැවැති වෛද්‍යසේවය පිළිබඳ සියලු තතු පැහැදිලි කරයි. භික්ෂූන් වහන්සේලා විසූ සංඝාරාමවලට යාබදව උන්වහන්සේලාගේ සුවකර්මය සඳහා ආරෝග්‍යශාලා තිබුණ බවක්ද එහි සේවය සඳහා උපස්ථායක පැවැදිතුමෝ උවටැන් සඳහා යෙදවූ බවක් ද මහාවංශය සඳහන් කරයි. එසේම ප්‍රධාන නගරයන්හි අනුරාධපුර, පොළොන්නරු, මිහින්තලා වැනි නියම්ගම් ආශි‍්‍රතව රෝහල් ඉදිවී එහි සේවය සඳහා උපස්ථායකවරුන් යෙදවූ බවත් ඔවුනගේ නඩත්තුව සඳහා සැදැහැවතුන්ගෙන් ලැබුණ පරිත්‍යාගවලින් පිදුම් ලැබූ බවක් ද සඳහන් වේ. භික්ෂූන් වෙනුවෙන් වෙනම ඔසුසල් තනා ඒවා රජයේ වියදමින් පාලනය වූ බවක් ද සඳහන් වේ. මේ කරුණු අනුව බලන කල සුතිකාගාර සන්ථාගාර පශුවෛද්‍යාගාර ඇතුළු මහා රෝග්‍යශාලාවන්ගෙන් යුත් ජාතික සංස්කෘතිය දේශීය සභ්‍යත්වයත් ආගමික පරිසරයත් සුරැකෙන පරිදි ගොඩනැගුණ සකලාංග සම්පූර්ණ වෛද්‍ය සේවයක් ලක්වැසි ජනතාව සතුව පැවැති බවක් සාක්ෂි සහිතව පැහැදිලි කර හැක. ඒ කාලයේ ලියන ලද පැරණි වෙදපොත් ලෙස කුමාර තන්ත්‍රය බාලරෝග චිකිත්සා සඳහා ද අර්කප්‍රකාශය බුද්ධවෙදහරය භෛසජ්‍යමංජුසා ශ්‍රී නරේන්ද්‍රසිංහ වීරපරාක්‍රම රජුගේ අත්වෙද පොත රජගෙයි ඇස්වෙදකම වරයෝගසාරය යෝගමාලව එකල වෛද්‍ය ග්‍රන්ථ ලෙසින් භාවිතයට ගන්නා පැරණි වෛද්‍ය ග්‍රන්ථවලින් කිහිපයකි. පැරණි දේශීය වෙදකමේ පරම්පරා වශයෙන් එන හස්තසාර ඖෂධ යෝගයෝ අද ද හෙළ වෛද්‍යවරයෝ භාවිත කරති. පැරණි දේශීය වෙදකම හෙළයේ වෛද්‍යවරුන් අවුරුදු දහස් ගණනක් පැරණිවුවද ඈත අතීතයේ සිටම මේ දක්වා නොකැඩී නොනැසී පවතී. විදේශීය ආක්‍රමණ බලපෑම් වෙනත් නොයෙක් සමාජ කරුණු නිසා එම ඖෂධ මෙකල ඊටත්වඩා වෙනස්නම්වලින් වර්ගීකරණය කළත් පැරණියේ හෙළ වෛද්‍යයෝ රාජාඖෂධම පැරණි වෙද උතුමන්ගේ වෛද්‍යකරණයට අනුගත වී ඇත. යාපුර දඩින්නරු සුළුබුරුදු යහවපු කිරිබේරිය නවැඟිලි තිලද ආදී පැරණි ශාස්ත්‍රීය වචන මෙන්ම වෑග්‍ර බාහාර බකුල කට්ටායම් කළුපනික්කිල කැලෙන් කැපූ පොත්ත අලිසෙරප්පායි ආදී අශාස්ත්‍රීය වචනද වර්තමාන වෛද්‍ය නාමකරණයෙන් සැඟවී ගොසිනි ඒවා යොදා කරන වෙදකම්ද අස්ථානගතව ඇති සෙයක් පෙන්නුම් කෙරේ. පාරම්පරික වෛද්‍ය බී.ඊ.ඇම්. විජයසුන්දර

1114