අරූද

  • -
  • 1 year ago
  • Views : 349
  • ID : #7687

Description

? පොදු නාමය : අරූද කූලය : රුටේසියේ (Rutaceae) උද්භිද විද්‍යාත්මක : රූටා ග්‍රවියොලන්ස් (Ruta graveolence) අරුද ශාකය ශ්‍රී ලංකාවේ කදුකර සිසිල් දේශගුණයේ හොදින් වැඩෙනවා . එසේම නිවසේ මිදුලේ අරුද පැලෑටියක් වැවීමෙන් ඇස් වහ, කට වහ දුරුවෙන බවට ජනයා තුළ පිළිගැනීමක් පවතිනවා, කුඩා ළමුන්ගේ රෝග බොහොමයක් සුව කිරීමට බහුලව යොදාගන්නා පැළෑටියක් . ඖෂධීය වටිනාකම: සෙම් රෝග, ලදරු සෙම, පණුරෝග , ළමා රෝග, නාරි දුර්වලතා, අකලට හිසකෙස් යාමට හා පැසීමට, මුත්‍රා රෝග, කෂ්ට රජස්, වේදනා නාශකයක් ලෙස අරුද ශාකය බාවිතා කරන්න පුළුවනි. ඉහත විස්තර කරන ලද පැළෑටි මේ වෙනකොටත් ඔබේ නිවසේ තියන්න පුළුවන්. ඒ වගේම මේ සියළු පැල අඩු ඉඩක නිවසේම බදුන් පැල ලෙසත් වගා කරන්න පුළුවන්. ඖෂධීය ගුණයෙන් පොහොසත් පැළෑටි මෙබඳු විනාශයකට පත් වීමට ශාක පිළිබඳ අවබෝධයක් නොමැති කමද හේතු වී තිබේ. අද පරපුර ඇඹුල් ඇඹිලියා, ඉරමුසු, බැබිල වැනි බොහොමයක් ශාක හඳුනන්නේ නැත. එනිසාම ඒවා වල් පැළෑටි යයි කියා විනාශ කිරීමට පෙළඹෙයි. දරුවන්ට සෑම පැළෑටියක්ම හඳුන්වා දෙන්න.ගසක් වැලක් උදුරා දැමීමට පෙර එහි ඖෂධීය ගුණය ගැන සිතන්න. එය අද පරපුරට පමණක් නොව මතු පරපුරටද අප විසින් කරනු ලබන සද් කාර්යයකි.

1114