ඉඟුරු

  • -
  • 1 year ago
  • Views : 216
  • ID : #1878

Description

? පොදු නාමය : ඉඟුරු කූලය : zසින්ජිබෙරේසියේ (Zingiberaceae) උද්භිද විද්‍යාත්මක : zසින්ජිබර් ඔෆීසිනල් (Zingiber Officinale) ඉඟුරු යනු ආහාර රසගන්වන්නට මෙන් ම, රෝග සුවයට ද එකලෙසම දායක වන රහස් ගුණයකින් හෙබි අරුම පුදුම ද්‍රව්‍යයකි. ආහාර සෑදීමේදී ඉඟුරු යොදා ගැනීමෙන් ආහාරවල රසවත්භාවය වැඩි කරවීම මෙන් ම, ‍ඛේටය හා අනෙකුත් ජීරණ යුෂ නිපදවීම ද , කුස තුළ වාතය එක්රැස් වීම අඩු කිරීම ද යන ප්‍රයෝජන අත්කර දේ. . එමෙන් ම, මෙහි විටමින් සී, මැග්නීසියම්, පොටෑසියම්, කොපර් හා මැංගනීස් අන්තර්ගත වේ. මේ තරම් ගුණාංග සපිරි සුපිරි ද්‍රව්‍යයක් වන ඉඟුරුවල බොහෝ ගුණ ඇත. ඉඟුරුවලින් සිරුරේ අධික සීනි මට්ටම පාලනය කරයි. ජීර්ණයට ද බලපෑම් කර, ආමාෂය සුවපත් කරවයි. ඉඟුරුවල ඇති සංයෝග මඟින් ආහාරවල ඇති පෝෂ්‍ය පදාර්ථ හා ඛණිජ වර්ග අවශෝෂණය කර ගැනීම පහසු කරවයි. ඉඟුරුවල ප්‍රතිඔක්සිකාරක බොහෝ සෙයින් අන්තර්ගත වේ. පිළිකා නාශකයකි. අධ්‍යයනවලින් හෙළි වී ඇති පරිදි, ඉඟුරු මඟින් ගර්භණී සමයේ දී මෙන් ම වෙනත් රෝග තත්ත්වවලදී ඇතිවන වමනය සමනය කරවයි. අස්ථිවල නිරෝගීතාව වැඩි කරවන හා හන්දිපත් වේදනාව සමනය කිරීමේ හැකියාවක් ද ඉඟුරු සතු ය. සෑම උදෑසනකම ඉඟුරු තේ කෝප්පයක් පානය කිරීමෙන්, අස්ථිවල නීරෝගීභාවයට මනා රුකුලක් වේ. ආදි කාලයේ සිටම පාචනය සඳහා ඔසුවක් ලෙස මෙය භාවිත කර ඇත. එමෙන් ම, ඉඟුරු මඟින් ආමාශය ආශ්‍රිත බොහෝ අපහසුතා මඟහරවයි. උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග තත්ත්ව සුව කරයි. ඖෂධීය වටිනාකම: ආහාර රුචිය වර්ධනයට, ශ්වාස වඩයි, වමනය,ඉක්කාව, වාත රෝග, මලබද්ධය සමනය කරයි. හ්ර්දයට මෙන්ම ශරිරය අභන්ත්ර්යේ බඩවල් වල ක්‍රියාකාරිත්වයට ගුණදායකයි.

1114