සැවැන්දරා

  • -
  • 1 year ago
  • Views : 280
  • ID : #9254

Description

? පොදු නාමය : සැවැන්දරා කූලය : ග්‍රැමිනේ (Graminae) උද්භිද විද්‍යාත්මක : වෙටිවේරිආ zසිzසැනියෝඩ්ස් (Vetiveria Zizaniodes) කඳුකර ප්‍රදේශවල බහුල වශයෙන් දක්නට ලැබෙන තෘණ පඳුරක් වගේ ශාකයක් තමයි ”සැවැන්දරා” කියන්නේ. මේ ශාකයේ වෙනත් ශාකවලට වඩා පස් ඇතුළට මුල් ගමන් කිරීම ප්‍රබලයි. ඒ නිසාම මේ ශාකය පාංශු ඛාදනය වළක්වන පසට හිතකර ශාකයක් ලෙසත් පිළිගන්න පුළුවන්. ”සුගන්ධි මූල”, ”ශීත මූල” වැනි නම් වලිනුත් හඳුන්වන සැවැන්දරා මුල් සුවඳ විලවුන් සාදන්නත් යොදා ගන්නේ මේ මුල්වල පවතින සුවිශේෂී සුවඳ නිසයි. ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව සහ දකුණු ඇමෙරිකාව වගේ රටවලත් සැවැන්දරා යොදාගනිමින් විවිධ නිෂ්පාදන සකස් කරනවා. සැවැන්දරා නිස්සාරණය කිරීමේ ක්‍රමවේදයක් හරහා සුගන්ධවත් තෛලයක් ලබාගන්න පුළුවන්. තෙල් නිස්සාරණය කිරීමේ යන්ත්‍ර මඟින් පමණයි සැවැන්දරා තෙල් ගන්න පුළුවන්. ඖෂධීය වටිනාකම: සුගන්ධිත-සුවඳවත් චර්ම රෝග -සැවැන්දරා මුල් ඇල්දියෙන් අඹරා ගෑම හිස බර ගතිය-සැවැන්දරා මුල් දූම නාසයට ඇදීමව්‍යවහාරික රෝග අවස්ථා :-මුර්ජා,අග්නිමාන්ද්‍ය,අජීර්ණ,කාස,හික්කා,චර්ම රෝග,ව්‍රණ,කාමලාව,සන්නිපාත ජ්වර ලපටි පත්‍ර ස්ත්ව ආහරයකි.පාංශු ඛාදනයට එරෙහිව වගා කෙරේ. ග්‍රීස්ම කාලෙදි ඇඟ දැවිල්ල, දහදිය බිබිළි දැමීම වැනි සමේ ආසාදන හට ගැනීම වැඩියි. එවිට සැවැන්දරා මුලක් මඳ අවුවේ වියළාගෙන කුඩුකර ඒ කුඩු උණු වතුර එකකට මිශ්‍ර කර කෝපි වගේ බොන්න. එහෙමත් නැතිනම් තැඹිලි ගෙඩියක ඇස්ස කපා එයට සැවැන්දරා මුල් කුඩු ස්වල්පයක් මිශ්‍රකර ඇස්ස වසා රැයක් පින්නේ තබා ඒ තැඹිලි වතුර එක පෙරා උදෑසන පානය කරන්න. දිනපතා මෙය සතියක් පමණ කළොත් සමේ ආසාදනවලින් මිදී දිනපතා සිසිලසක් ලබන්න ඔබට පුළුවන්. සැවැන්දරා තෙල් හිසේ ආලේප කළොත් හිසරද තත්ත්ව ඉක්මනින් සුව කර ගන්න පුළුවන්. ඒ වගේම හන්දි වේදනා, හන්දි ඉදිමුම්, තැළීම්වලටත් සැවැන්දරා තෙල් ආලේප කිරීමෙන් සුවයක් ලබන්න පුළුවන්. අජීර්ණ තත්ත්ව, බඩේ වේදනාව වැනි උදරාශ්‍රිත රෝගවලට සුවයක් ලබාගන්න පුළුවන් ඔෟෂධයක් සැවැන්දරාවලින් සාදාගන්න පුළුවන්. . පත්පාඩගම්, වියළි ඉඟුරු. ඉරිවේරිය සහ සැවැන්දරා කළං 3 බැගින් අරගෙන මුට්ටියකට දමා එයට වතුර පත 8ක් මිශ්‍ර කර පත එකට සිඳුවා උදේ පත භාගයක් සවස පත භාගයක් බැගින් උදේ සවස බොන්න. මෙය දින 6ක් පමණ අඛණ්ඩව සිදු කළොත් අම්ලපිත්ත වැනි උදරය ආශ්‍රිත සෑම රෝගයකටම ගුණදායකයි. ඒ වගේම ඇඟ දැවිල්ල, තදබල හිසේ වේදනාව වැනි තත්ත්වවලදී සැවැන්දරා මුල් සිසිල් දියෙන් අඹරා කල්කයක් සාදාගෙන එය නළලේ ආලේප කරන්න. හිසේ වේදනාවක් නම් හිසේ ආලේප කරන්න. ඇඟ පත වේදනාවලදී ඇඟේ ආලේප කරන්න. ඔබට එවිට ඉක්මන් සුවයක් ලබාගන්න පුළුවන්. විටින් විට වමනය යෑමේ රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන් සැවැන්දරා, සුදු හඳුන්, ඉරිවේරිය, ආඩතෝඩ සහ වියළි ඉඟුරු කළං තුන බැගින් අරගෙන එයට වතුර පත අටක් දමා පත එකට සිඳුවා උදේ සවස පානය කරන්න. මෙය වේල් කිහිපයක් පානය කිරීමෙන් වමනය රෝගී තත්ත්වයෙන් මිදෙන්න පුළුවන්.

1114