ගොටුකොල

  • -
  • 1 year ago
  • Views : 604
  • ID : #7585

Description

? පොදු නාමය : ගොටුකොල කූලය : අම්බෙලිෆෙරේ (Umbellifereae) උද්භිද විද්‍යාත්මක : සෙන්ටෙල්ලා ඒශියේටිකා (Centella Asiatica) ලංකාවේ ගමේ ගොඩේ අපිට වගේම නගරේ ජීවත්වෙන අයට උනත් ගොටුකොළ කියන්නේ අමුතු නමක් නෙවෙයි. අපේ ජිවන රටාවේ සහ ආහාර සංස්කෘතියේ ගොටුකොළ තිබ්බේ නැතිවම බැරි ලයිස්තුවේ. ගොටුකොළ කියන්නේ දිර්ඝායුෂ ලබාදෙන මොළේ, මතකය සහ නුවණ වඩවන සොබාවික ඖෂධයක්. යකඩ ඉහල ප්‍රතිශතයකින් පැලෑටියක්. ගොටුකොළ මහා ගොටුකොල, හීන් ගොටුකොල, පෝච්චි ගොටුකොල ලෙස වර්ග කීපයකින්ම වගා කරන්න පුළුවන් . ගොටුකොල සම්බෝල, මැල්ලුම් , කැද , තම්බුන් හොදි හා සැලඩ් වගේ සාදාගෙන අපි කෑමට ගන්න හුරු උනත්, ගොටුකොල පානයක් ලෙස සාදාගන්නා ආකාරය ගොඩක් දෙනෙක් දන්නේ නෑ . ගොටුකොල පානය: ශරීරයේ තිබෙන විස නසන්න දිනපතා ගොටුකොල පානයක් අත්‍යවශ්‍යයි . ගොටුකොල කියන්නේ බෙහෙත් ගණයට අයත් ශාකයක් ඉතින් මේ ගොටුකොල පානය මගින් බොහෝ රෝග සුවකර ගැනීමේ හැකියාව තිබෙනවා. මෙම ගොටුකොල වල විටමින් වර්ග බහුල වෙනවා. ශරීරයේ දැවිල්ල හෝ උෂ්ණ අධික රෝග සෙම් රෝග සුව කිරීමේ බලයක් මේ ගොටුකොල වලට තියෙනව ඒ වගේම ධාරණ ශක්තිය වර්ධනය කිරීමේ හැකියාව එය සතුයි. බොහෝ දෙනා බොහෝ දෙනා උදැසන කිරි වීදුරුවෙන් පසු ශරීරයට ආහාර ලබාගන්නවා නමුත් උදැසන හිස් බඩ ගොටුකොල වීදුරුවක් පානය කරොත් ඔබට හිතාගන්නවත් බැරි පෝෂණයක් ඔබේ සිරුරට ලබාගන්න පුළුවන් ඒවගේම බොහෝ රෝග සුව වෙනවා කොහොමද මේ ගොටුකොල පානය සකසා ගන්නේ. ඔබට ඒ සඳහා අවශ්‍ය වනවා – නැවුම් ගොටුකොල ග‍්‍රෑම් 400 පමණ කැකුළු හාල් ග‍්‍රෑම් 100 පමණ වතුර කෝප්ප තුනක් පොල් කිරි කෝප්ප දෙකක් සුදු ළුණු බික් තුනක් පදමට ලූ‍ණු ප‍්‍රථමව ගොටුකොල තෝරලා හොඳින් සෝදාගන්න. බත් පිසින ආකාරයට බත් බෙරි වන සේ රත් කරන්න ගොටුකොල වලට වතුර දමා බ්ලෙන්ඩර් කරන්න නැතිනම් කොටා එයට වතුර එක් කරන්න හාල් ඒක තැම්බෙන්න පටන් ගන්න අවස්ථාවේ සුදුළුනු බික් එයට එකතු කර තම්බුනාට පසු බත් සමග හොඳින් මිශ‍්‍ර වන තෙක් පොඩි කරගන්න ඉන් පසු පොල් කිරි එකතු කර රත් වූ පසු උතුරන මට්ටමට පැමිණෙන විට එයට කොළ කැඳ එකතු එක් කරන්න දැන් විනාඩි තුනක් පමණ තබා හොඳින් හැඳි ගා අවශ්‍ය පදමට ලූ‍ණු එකතු කර නිවසේ සැමෝටම පානය කරන්න පිලිගන්වන්න. ඖෂධීය වටිනාකම: පීනස, රක්ත පිත්තය, මල බද්ධය, ආතතියට, හිසකෙස් නිරෝගිව තබා ගැනීමට. මෙන්ම, මොලය වර්ධනය, ඇස පෙනීමේ අබාධ, රුධිරය පිරිසිදු කිරීම, ස්නායු අබාධ, රක්ත හිනතාවයට සියළු රෝග නිවාරණයට ගොටුකොල ඖෂධීය ඔසුවක්.

1114