කෝමාරිකා

  • -
  • 1 year ago
  • Views : 508
  • ID : #1840

Description

? පොදු නාමය : කෝමාරිකා කූලය : ලිලියේසියේ(Liliaceae) උද්භිද විද්‍යාත්මක : ඇලොවේරාඉන්ඩිකා (Aloevera indica) ඖෂධයක් මෙන්ම ආහාරයක් වශයෙන්ද භාවිතා කළ හැක. ඝන පත්‍ර මසින් පිරී ඇත. එහි කෙළවර උල් සහිතය. පත්‍රයේ තැන තැන සුදු පැහැ ලප ඇත. ශාක ප්‍රචාරණය මොරෙයියන් මගින් සිදු කරයි. ඕනෑම දේශගුණික තත්ත්වයක්‌ යටතේ වගා කළ හැක. ශ්‍රිලංකාවේ තෙත් හා වියළි කලාප වල හොඳින් වැවේ. යාපනය හා මන්නාරම පෙදෙස් වල බහුලව ඇත. ඖෂධීය වටිනාකම: ආයුර්වේදයේ දී සාමාන්‍ය ප්‍රතිකර්ම මෙන්ම මාරාන්තික රෝග සඳහා වන ප්‍රතිකාර සඳහා ද කෝමාරිකා භාවිතා කරයි. ආහාර ජීර්ණ ක්‍රියාවලිය පහසුවෙන් සිදුකරමින් මලබද්ධය සුව කරයි. අක්මාවේ ක්‍රියාකාරීත්වය වැඩිකර අක්මාව ආරක්ෂා කරයි. ඇස් දැවිල්ල, කබ ගැලීම ආදී ඇස් රෝග, වා පිත් සෙම් රෝග ආදියට කදිම ඔසුවකි. මුත්‍රා දැවිල්ල පාලනය කරයි. පෙනහළු ආශ්‍රිත රෝග සුවකරයි. ගර්භාෂගත උෂ්ණත්වය පාලනය කර දරුපල ඇතිකිරීමේ හැකියාවද මේ අපූරු ඖෂධය සතුය. ලියුකේමියා හා ආතරයිටිස් රෝගීන්ට කෝමාරිකා ගුණදායකය. කෝමාරිකා වල පිළිකා නාශක ගුණ ඇති බව මෑතක දී සිදුකළ විද්‍යාත්මක පර්යේෂණ මගින් අනාවරණය වී ඇත. නිර්මාංශ අයට වඩාත් ගුණදායක ආහාරයකි කෝමාරිකා. ආහාරයක් ලෙස කෝමාරිකා භාවිතා කිරීමෙන් රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය වැඩිකර ශරීරයේ සෛල ශක්තිමත් කිරීමද සිදුකරයි. රුපලාවන්‍ය ක්ෂේත්‍රයේ කෝමාරිකා වලට විශාල වටිනාකමක් ලැබෙයි. ඊට හේතු බොහෝය. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්ත කෝමාරිකා තරුණ බව ආරක්ෂා කරයි. වයසට යාම නිසා සමේ ඇතිවන එල්ලා වැටීම් වළක්වයි. සමේ තෙතමනය ආරක්ෂා කරයි. හිස්හොරි වලින් හිසකෙස් ආරක්ෂා කරයි. හිසකේ වඩවයි. හිරු කිරණ නිසා සමට වන බලපෑම දුරලයි.

1114