කැහිපිත්තන්

  • -
  • 1 year ago
  • Views : 624
  • ID : #7913

Description

? පොදු නාමය : කැහිපිත්තන් කූලය : මෙනිස් පර්මේසියේ (Menispermaceae) උද්භිද විද්‍යාත්මක : සයික්ලියා පෙලෙටා (Cyclea pellata) කැහිපිත්තන් කියන්නේ පොලවේ දිවෙන වැල් වර්ගයක්. කුඩා පැදුරු, ගස් මත බොහෝ වෙලාවට වැඩෙනවා. කැහිපිත්තන් කොළ කියන්නේ දේශීය වෙදකමේදී අපේ වෙදැදුරන් විවිධ රෝග සුවපත් කිරීමට භාවිත කරන ඖෂධීය පැළෑටියක්. කැහිපිත්තන් පාතාල ගරුඩී, දීර්ග කන්ධ, සෝම වල්ලි යනාදී නම්වලිනුත් හඳුන්වනවා. ආයුර්වේදයට අනුව මෙය ගුඩුචි කුලයට හෙවත් පෙකිඳ කුලටය අයත් වැලක්. මේ ශාකය ගැන සංහිතා ග්‍රන්ථවල සඳහන් නොවුණත් රාජ නිඝණ්ඩුව භාව ප්‍රකාශ නමැති ග්‍රන්ථවල සඳහන් වෙනවා. පහත රට තෙත් කලාපේ මෙය බහුලව පවතිනවා. ඖෂධීය වටිනාකම: සර්ප විෂ,තුවාල , දැවිල්ල,ඉදිමුම් , උණ , චර්ම රෝග, හිසරදය , අම්ලපිත්ත (ගැස්ට්‍රයිටීස් ), මුත්‍රා ආසාදන,පණුරෝග,සෙන්ගමාලය, කැස්ස,දත් මුල් දියවීම, පීනස හා ඇදුම වැනි ශරීරයේ ඇතිවෙන බොහෝ රෝග සමනයට කැහිපිත්ත දිව ඔසුවක්. ශරීරය සිසිල් කරයි.

1114